දළ පූට්ටුවා මැරූ නරුමයන්ගේ දෙකොන පූට්ටු වෙයි – ගජමුතු තොගයකුත් එක්ක වෙච්ච දේ මෙන්න..!

ගල්ගමුව දළ පූට්ටුවා නම් ඇතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය සදහන් කළේ විවිධ ප්‍රදේශවල රැදී සිටියදී මොවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් 5 දෙනාම සියඹලාව, මොරගොල්ලාගම ප්‍ර දේශයේ පදිංචිකරුවෝ වෙති.

දළ පූට්ටුවා ඝාතනය කිරීම සදහා යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන තවත් ගජ මුතුද හමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලීසිය සදහන් කරයි

නිකවැරටි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හා අඹන්පොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩාමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.