” මතුගම ගව මස් ටෙන්ඩරයට ඥානරතන හිමියන් මුදල් බඳියි “

මතුගම නගරයේ ගව මස් අලෙවිසැල සදහා වන 2018 වර්ෂයේ ටෙන්ඩරය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දිනා ගත් පුවත නෙත් ගොසිප් අප විසින් මින්පෙර වාර්තා කළෙමු . නමුත් ටෙන්ඩරයේ නියමිත මුදල ‍රැස් කරගැනීමේ අපහසුතාවයක් නිසා ටෙන්ඩරය දිනා ගත් කළුපහන සේලතෙලාරාම විහාරාධිකාරී මාවිට ඥානරතන හිමියන් විසින් ටෙන්ඩරය සදහා ඇප මුදල් තැන්පත් කිරීමට අමතර කාලයක් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් පසුගිය 28 වැනිදා මතුගම ගවමස් අලෙවි සැළෙහි අයිතිය තමන් සතු කර ගැනීමට මාවිට ඥානරතන හිමියන් සමත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඒ එදින මතුගම ප්‍රාදේශීය සභාවට තෙමසක බදු මුදල් ලෙස රුපියල් 8,06,405ක මුදලක් ගෙවමින්,

මෙලෙස ගව මස් හලේ නීත්‍යනුකූල බලපත්‍රය ලබාගත් ඥානරතන හිමියන් මාධ්‍යය හමුවේ කීවේ 2018 ජනවාරි පළමුවැනිදා සිට පූජනීය නගරයක් වූ මතුගම ජනතාව හරක් මස් කෑමෙන් මුදාගන්නා බවයි. ඓතිහාසික පූජනීය නගරයක් වූ මතුගම ජනතාව ගව මස් ඉල්ලා නැති නිසා ගව මස් කඩය වසා දැමීමෙන් මිනිසුන් එලොව මෙලොව පවින් මුදාගන්නා අතර අහිංසක ගවයන්ට අභය දානය ලැබෙන බවයි.

කෙසේ නමුත් ටෙන්ඩරයේ ගිවිසුමට අනුව දින හතක් එක දිගට මස් කඩය වසා තැබුවහොත් ගිවිසුම අවලංගු වන බව මතුගම ප්‍රාදේශීය සභාව පවසනවා. මේ පිළිබදව අදහස් දක්වන මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසංහ පවසන්නේ ගිවිසුම අනුව දින 07ක් එක දිගට වසා තැබුව හොත් ගිවිසුම අවලංගුවන බවයි. එවිට ගවමස් ටෙන්ඩරය , දෙවන ඉල්ලුම්කරුවන මේතාක් කාල‍යක් ගව මස් ටෙන්ඩරය හිමිවූ මොහොමඩ් ෆාසීට ගවමස් ටෙන්ඩරය නැවත හිමිවන බව සදහන්.

එලෙස ටෙන්ඩරය අවලංගු කර , ගවමස් කඩයේ අයිතිය මොහොමඩ් ෆාසීට හිමි කර දුනහොත් , මාවිට  ඥානරතන හිමියන් තැන්පත් කළ ඇප මුදල් නැවත ලබා දීම පිළිබදව සළකා බලන බවත් ප්‍රදේශීය ලේකම්වරයා කියා සිටියා.