” මුඛ වාඩම් පන්දු රකිද්දි විතරද?’ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මඩ ගහන්න ආ ඉන්දියානුවාට රසල් ආර්නෝල්ඩ් ගෙන් සැර කතාවක් .!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා, ඒ ඉන්දියාවේ නව දිල්ලි නගරයේ ෆේරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩා පිටියේදී, කෙසේ වෙතත් අධික වායූ දූෂණයකින් යුත් නව දිල්ලියේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දින ස්වසන අබාධයන්ට ලක් වුණා, එම නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛ වාඩම් පැළැද ක්‍රීඩා කළ අතර ඉන්දීය රසිකයන් හා ඉන්දීය මාධ්‍ය සිදුවිම දැඩි ලෙස විවේචනය කළා,

ඔවුන් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නවතා දැමීමේ උවමනාවෙන් මෙලෙස මුඛ වාඩම් පැළැද ක්‍රීඩා කළ බවයි,
සිය අතපසුවීම වසා ගැනීමට ඔවුන් එලෙස චෝදනා කළත් ඉන්දියාවේ නව දිල්ලිය යනු ලොව අධිකම වායූ දූෂණය පවතින නගරයක් වන අතර , එම නගරයේ පවතින අවම ඔක්ෂිජන් තත්වය නිසා එ‍රට අධික‍රණයක් නව දිල්ලියේ ඇතැම් ස්ථාන වල පුද්ගලයන් 1000ට වඩා රැස් වීම පවා තහනම් කර තිබෙනවා, එවැනි තත්වයක් මත ත‍රගාවලියේ තෙවන ටෙස්ට් තරගය නව දිල්ලියේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ කුමන පදනමකින්දැයි පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් මේ අතර ට්විටර් සමාජ ජාලය හරහා චෝදනාවක් එල්ල කරන ඉන්දීය ජාතිකයෙක් පවසා තිබුනේ ” ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු රැකීමේදි පැළැදි මුඛ වාඩම් පිතිකරණයේදී පැළැදුවේ නැත්දේ ඇයිද යන්න යි”

මෙයට පිළිතුරු එක් කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙනි සිටිම වෙනුවෙන් ප්‍රසිද්ධ , ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් පවසා තිබුනේ ” ඉන්දීය පන්දු රකින්නන් පන්දු රැකීමේදී අවු කණ්නාඩි පැළදූ බවත්‍ , ඔවුන් පන්දුවට පහර දීමේදී අවු කණ්නාඩි නොපැළදුවේ ඇයිද යන්නයි