කවදාවත් මස් මාළු පිළියෙළ කළාට පසුව දරුවන්ට කෑම කවන්න එපා

බෝවන රෝග සමාජය තුළ පැතිරෙන්නේ බොහෝවිට අපගේ නොදැනුවත්කම සහ නොසැලකිළිමත් බව නිසයි. මෙවැනි රෝගවලට හේතුවන්නේ බැක්ටීරියා, වෛරස හෝ වෙනත් ක්ෂුද්‍ර ජීවී විෂබීජයන්. මේවා රෝගියෙකුගෙන් නීරෝගි පුද්ගලයකු වෙත යාම වැළැක්වීම අපගේ වගකීමක්, ඒ වගේම අපගේ සමීපතයින් රෝගවලින් ආරක්ෂා කිරීමට ගත හැකි හොඳ පියවරක්.

වර්තමානයේදී සමාජය තුළ විවිධාකාරයේ ඉන්ෆ්ලුවන්සාවන් පැතිරී යනවා. මෙය සමාජය පුරාම ඉක්මනින්ම පැතිරී යා හැකි රෝගී තත්ත්වයක්. ඇතැම් ඉන්ෆ්ලුවෙන්සා වර්ග භයානක විය හැකියි. මෙවැනි රෝග පැතිරෙන්නේ කෙළ බිඳිති මාර්ගයෙන්. මෙම රෝගය වැළදුණු ඇතැම් රෝගීන් කිවිසුම් පිට කරන්නේ තම අතින් හෝ මුඛය ආවරණය කරන්නේ නැතිව. එය සමාජය පුරා රෝගය පැතිරීමට හේතුවක්.

ටිෂූ කඩදාසියකින් මුඛය සහ නාසය ආවරණය කරගෙන කිවිසුම පිට කිරීම මඟින් තවත් අයෙකුට රෝගය පැතිර යාම වැළැක්විය හැකියි. ඇතැම් පුද්ගලයින් පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන විට අත ආවරණය කර කිවිසුමකත් යවා එම අතින් තවත් තැනක් අල්ලනවා. නිරෝගී අයෙක් එම ස්ථානය ස්පර්ශ කළ විට ම නිරෝගී පුද්ගලයාට රෝගය බෝවිය හැකියි. එබැවින් ටිෂූ කඩදාසියක් අතේ නැතිනම් වඩාත්ම සුදුසු වන්නේ රෝගියා තම අතේ වැලමිට ප්‍රදේශය මඟින් මුඛය ආවරණය කරගෙන කිවිසුම පිට කිරීමයි. එය රෝගය සමාජයේ පැතිරීයාම වැළැක්වීමට භාවිතා කළ හැකි සාර්ථක ක්‍රමයක්.

රෝහලක් යනු විෂබීජ රාශියක් සහිත ස්ථානයක්. රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගියකුගේ සුවදුක් බැලීමට පවුල් පිටින් යාමට බොහෝදෙනෙක් පෙළඹී සිටිනවා. එය ඉතාම අනුවන ක්‍රියාවක්. එය රෝගියාට මෙන්ම රෝගියා බැලීමට යන අයටත් සුදුසු වන්නේ නෑ. රෝගියා බැලීමට යන පුද්ගලයින්ගේ දෑත්වල විවිධාකාරයේ විෂබීජ තිබිය හැකියි. රෝගියා යනු ශාරීරිකව දුර්වල වූ පුද්ගලයෙක්.

එවැනි පුද්ගලයකුගේ ශරීරය තුළට පහසුවෙන්ම විෂබීජ ඇතුළුවීමේ හැකියාව තිබෙනවා. බස් රථය දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයක ගොස් දෑත් පිරිසිදු කරගන්නේ නැතිව රෝගියාව ස්පර්ශ කළ විට රෝගියාට තවත් නැති ලෙඩක් ඇතිවිය හැකියි. එවැනි පුද්ගලයකු රෝගියාව ස්පර්ශ කිරීමට හෝ රෝගියාට කෑම කැවීමට හෝ අවශ්‍ය නම් දෑත් හොඳින් පිරිසිදු කරගෙන එය කළ යුතුයි.

මෙහිදි රෝහල තුළදී සබන් යොදා දෑත් පිරිසිදු කරගැනීම අපහසු විය හැකියි. දෑත් පිරිසිදු කරගත හැකි රසායනික දියර වර්ග (ඉචභජඩඪඵඥඵ) වර්තමානයේදී බොහෝ රෝහල්වල තබා තිබෙන්නේ රෝහලට බාහිරින් පැමිණෙන පුද්ගලයින්ගේ දෑත් පිරිසිදු කර ගැනීම සඳහායි. රෝගියකු බැලීමට රෝහලට ගිය විගස එවැනි දියරකින් දෑත් සෝදාගෙන නැවත රෝහලෙන් පිටවන විටත් එලෙස දෑත් පිරිසිදු කරගන්නේ නම්, රෝහලට විෂබීජ රැගෙන යාමත්, රෝහලෙන් විෂබීජ රැගෙන ඒමත් වළකිනවා.

රෝගියකුගේ සුවදුක් බැලීමට රෝහලකට යනවිට කුඩා දරුවන් රැගෙන නොයාමට හැකි හැමවිටම උත්සාහ ගැනීම වැදගත්. එම කුඩා දරුවාගේ මව හෝ පියා රෝහලේ ප්‍රතිකාර ගන්නේ නම් දරුවා ආරක්ෂා සහිතව රෝගියා වෙත රැගෙන යාම වැදගත්. එසේ නොවන අවස්ථාවල කුඩා දරුවන් රෝහල් වෙත රැගෙන යාමෙන් වැළකිය යුතුයි. එයට හේතුව වන්නේ, කුඩා දරුවන්ට ඉතා පහසුවෙන් ලෙඩ රෝග බෝවිය හැකි නිසයි.

කිසියම් බැක්ටීරියා ආසාදනයක් නිසා රෝහල් ගතවී ඇති රෝගියෙකු බැලීමට රෝහලකට යන්නේ නම්, එය ඉතා පරිස්සමින් කළ යුතුයි. බැක්ටීරියා ආසාදනයකදී රෝගීන්ට බොහෝවිට ප්‍රතිජීවක ඖෂධ (ඒදබඪඡඪධබඪජඵ) ලබා දෙනවා. එවිට ප්‍රතිජීවකවලට ප්‍රතිවිරෝධි තත්ත්වයක් අදාල බැක්ටීරියාව විසින් නිර්මාණය කරගන්නවා.

රෝහලකදී එවැනි රෝගියකු ස්පර්ශ කළවිට ප්‍රතිජීවක වලට ප්‍රතිවිරෝධි තත්ත්වයක් නිර්මාණය කරගත් බැක්ටීරියාවන් නිරෝගී පුද්ගලයාගේ ශරීරයට යා හැකියි. රෝගියාට කෑම කවන විට හෝ ස්පර්ශ කරන විට නිරෝගී පුද්ගලයාගේ දෑත්වල තැවරුණු බැක්ටීරියාවන් සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීමෙන් හෝ ඉචදජඩඪඵඥ ද්‍රාවනයකින් පිරිසිදු කර ගැනීමෙන් විනාශ කළ හැකියි. රෝගියකුගේ සුවදුක් බැලීමට රෝහලට ගොස් පැමිණ දෑත් හොඳින් පිරිසිදු කරනොගෙන තමන් ආහාර ගැනීම හෝ දරුවකුට ආහාර කැවීම හෝ නොකළ යුතුයි. එක් අයෙකුට ඇති ආසාදනයක් තවත් අයකුට යාමට නොදී වළක්වා ගැනීම ඉතාම වැදගත් ක්‍රියාවක්.

වෙළෙඳපොලෙන් මස්, මාළු ගෙනවිත් නිවසේදී සේදීමේදී ද බොහෝ විෂබීජ ප්‍රමාණයක් අපගේ දෑත්වල තැවරීමට ඉඩ තිබෙනවා. මිය ගිය සතකුගේ ශරීරයේ විශාල වශයෙන් බැක්ටීරියාවන් වර්ධනය වෙනවා. එම මස්, මාළු කපා සෝදන විට ඉතාම පහසුවෙන්ම දෑත්වල තැවරෙනවා. මස්, මාළු පිසින විට උෂ්ණත්ව නිසා එම විෂබීජ විනාශ වෙනවා. මස්, මාළු සේදීමෙන් පසුව දෑත් හොඳින් පිරිසිදු කර නොගෙන සලාදයක් වැනි අමුවෙන් කෑමට ගන්නා ආහාරයක් පිළියෙල කළොත් එම ආහාරයට මස්, මාළු වල තිබුණු විෂබීජ යනවා. එසේම මස්,මාළු කපා හොඳින් දෑත් පිරිසිදු කර නොගෙන කුඩා දරුවකුට ආහාර කවන විටත් කුඩා දරුවාගේ ශරීරය තුළට එම විෂබීජ ගමන් කරනවා.

අද සමාජයේ බොහෝදෙනෙක් ආහාරයට ගන්නා බ්‍රොයිලර්ගේ කුකුල්මස් නිවසට ගෙනැවිත් සැකසීමේදී වඩාත් පරිස්සම් විය යුතුයි. බ්‍රොයිලර් කුකුලන් ඇති කරන විට ඔවුනට විවිධ ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනවා. කුකුල් මස් සෝදා හොඳින් දෑත් පිරිසිදු කර නොගන්නේ නම් කුකුළාගේ රුධිරයේ හෝ මස්වල තිබුණු ප්‍රතිජීවක යම් පමණකින් හෝ අපගේ ශරීරයටත් ඇතුළු විය හැකියි. එවිට එම ප්‍රතිජීවකයට ප්‍රතිවිරුද්ධ බැක්ටීරියාවන් අපගේ ශරීරය තුළින් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා නිවසට ගෙනා මස් සෝදා සකස් කළ පසුව දෑත් හොඳින් පිරිසිදු කර ගැනීම වැදගත්.

වඩාත් වැදගත් වන්නේ බෝ නොවන රෝගවලට ගොදුරු නොවී සිටීමයි. ඒවායින් වැළකී සිටීමයි. දරුවකු ඉපදුණු දිනයේ පටන් නොමිලේ ලබාදෙන ප්‍රතිශක්ති කරන ප්‍රතිකාර මඟින් බෝවන රැසකින්ම ආරක්ෂාවීමට අපට හැකි වී තිබෙනවා. ඊට අමතරව පැපොල, ඉන්ෆ්ලුවෙන්සාව වැනි තත්ත්වයන් සඳහන් ප්‍රතිශක්ති කරන එන්නත් මුදල් ගෙවා ලබා ගැනීමේ හැකියාව දැන් ලංකාව තුළත් තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් එම සේවාවන් ඉතාම පහසුවෙන් හා විශ්වාසවන්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ගාමිණී සුසන්ත

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ

ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය

කුෂ්ලානි ජයතිලක