අවදානම පෙනි පෙනී මහා පරිමාණයෙන් කංසා වගා කරන හෙදියන්

හෙදියක් වෙන්න හැම කෙනෙකුටම අවස්ථාව උදා වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක් උදා වුවත් හෙදියක් යන වචනයට නිසි සාධාරණය ඉටු කරන්නට සමත් හෙදියන් බිහි වන්නේ අතලොස්සයි.. දැනුම , අවබෝදය , විතරක් නෙමෙයි දයාව, කරුණාව, ආදරය, කැපවීම, අධිෂ්ඨානය වැනි ගුණාංග හෙදියක් සතු වීම අනිවාර්යයි.. මේ කියන්න යන්නෙත් එවැනි හෙදියන් ගැන. නමුත් බොහෝ දෙනෙක් කතා කිරීමට අකමැති පැතිකඩක් ඔවුන් සතුයි. ඒ තමයි කංසා වගාව..

කංසා බොහෝ රටවල තහනම් වුවත් මෑතකදී කංසා මත තිබු නීති රීති තරමක් ලිහිල් කිරීමට සමහරක් රටවල් පියවර ගෙන තිබෙනවා. ඒ ටිකෙන් ටික කංසා වල ඇති ගුණාංග , වටිනාකම් සමාජය අතර පැතිර යන්නට පටන් ගැන්මත් සමගයි.. මත්ද්‍රව්‍ය ගණයට අයත් වෙන කංසා ලෙඩ රෝග රාශියකට ප්‍රත්‍යක්ෂ ඔසුවක් බව මේ වනවිට නොරහසකි.. ඒ විතරක් නෙමෙයි කංසා ශාකයේ අතු , කොළ , කඳ වැනි දෙයින් ලණු , බෑග් ආදී විවිධ ප්‍රයෝජනවත් දේ නිර්මාණය කිරීමටද හැකියාව තිබෙනවා..

The Sisters of the Valley යනුවෙන් ඔවුන්ව හඳුන්වන මේ හෙදියන් කැලිෆෝනියාවේ Merced ප්‍රදේශයේ කාලයක් තිස්සේ විවිධ බෙහෙත් වර්ග සකසා වෙළඳපලට අලෙවි කරයි.. ඒ බෙහෙත් වර්ග අතරින් වැඩි ප්‍රමාණයක් බෙහෙත් ඔවුන් නිපදවන්නේ කංසා ශාකය උපයෝගී කරගෙනයි.. එම බෙහෙත් වර්ග ඔවුනටම ආවේනික වන අතර වෙන කිසිඳු සමාගමක් හෝ පිරිසකට එම බෙහෙත් වර්ග නිපදවීමේ හැකියාව හා දැනුම නොමැති නිසාම ඔවුන්ගේ බෙහෙත් විශාල වශයෙන් අලෙවි වේ.

කෙසේ වෙතත් කැලිෆෝනියා රජය මේ වනවිට ඔවුන්ගේ මෙම කංසා බෙහෙත් තහනම් කිරීමට කටයුතු කරමින් සිටින නමුත් මෙම හෙදියන් ඒ අභියෝග හා සටන් කිරීමට ඔවුන්ට හැකි බව පවසන්නේ ඔවුන්ගේ ශාස්ත්‍රය හා ඔවුන්ගේ නිවැරදි භාවය ගැන දැඩි විශ්වාසයකින්..

පසුගිය දිනක මෙම අපුරු හෙදියන් මුණගැසීමට ගිය ජයාරූප ශිල්පීන් දෙදෙනෙකු වන Shaughn Crawford හා John DuBois ගේ කැමරා කාචයේ සටහන් වූ ජයාරූප කිහිපයක් පහතින්…