ලොවම බලා සිටින තරගයට දිනයයි , ලොව හොදම කායවර්ධකයන් අතර ආසියාවේ කලු සිංහයා අපේ ලූෂන් සටනට සැරසෙන්නේ මෙහෙමයි .!

ලොව ප්‍රමුඛතම කායවර්ධන ශුරතාවලියක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Mr.Olympia කායවර්ධන තරගය අනිද්දා (10) ඇරඹීමට නියමිතය, ප්‍රථම තරඟය දෙසැම්බර් 09 වන දින ආලින්ටන් නගරයේ ආලින්ටන් සම්මේලන මධ්‍යස්ථානයේ (Arlington Convention Center)  පෙ.ව.10.00 සිට පෙ.ව.11.00  දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරඟය එදිනම ඇමරිකාවේ වේලාවෙන් ප.ව.03.00 ට පැවැත්වේ. මෙය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර්  10 වන ඉරිදා දින පෙ.ව.03.30 ට පමණ වේ.

මෙම තරඟාවලිය සඳහා ඇමරිකා එක්සත්  ජනපදය ඇතුළු ලොව රටවල් 08 ක ලෝක පූජිත කායවර්ධන ශූරයින් සහභාගී වීමට නියමිත ය. ඔවුන් සියළු දෙනාම දෙසැම්බර් මස 08 වන  දින වනවිට ටෙක්සාස්හිි ආලින්ටන් නගරයට සම්ප්‍රාප්ත වන බව තරඟ සංවිධායකයින් පවසයි. ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයෙක් ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරඟාවලියකට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

විවිධ තරාතිරම් වල ඔහුගේ රසිකයින්ගෙන් ඔහුට දිනපතා සුබ පැතුම් ගලා එන අතර ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් දෙසැම්බර් 09 වන දින වනවිට ඔහුව දිරිගැන්වීමට ආලින්ටන් නගරයට පැමිණීමට දැනටමත් ප්‍රවේශපත්‍ර වෙන්කර ගනිමින් සූදානමින් සිටින බවද සදහන්,Image result for ලූෂන්

ආසියාවේ කළු සිංහයා යන විරුදාවලිය ලත්, 2017 ආසියානු සමස්ථ කායවර්ධන ශූරතාවය දිනූ ලුෂන් පුෂ්පරාජ් පසුගිය නොවැම්බර් මස 26 වන දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණි අතර , මේ දින වල ඔහුගේ  පුහුණුවීම් සැසි වලට සහභාගී වෙමින් සිටී. Image result for ලූෂන්

08 වතාවක් Mr.Olympia ලෙස අභිෂේක ලත් Ronnie Coleman නැමති ලෝක පූජිත කායවර්ධන ශූරයාගේ ආලින්ටන් නගරයේ පිහිටි Metroflex කායවර්ධන මධ්‍යස්ථානයෙහි ලූෂන් පුෂ්පරාජ් තම පුහුණු අභ්‍යාස සිදුකරමින් සිටින අතර මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ කායවර්ධන ශූරයෙකුට පවා ජීවිතයේ ලැබෙන ඉතාමත් දුර්ලභ අවස්ථාවකි. ලෝක පූජිත ඇමරිකානු ජාතික Big-J  කාය වර්ධන පුහුණුකරු සමඟ මෙලෙසින් ලූෂන් පුහුණු අභ්‍යාස වල නිරත වෙමින් සිටි.Image result for ලූෂන්

2013 මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ පළඳා අවුරුදු 03 ක් පමණ විදේශගතව කාය වර්ධන අභ්‍යාස වල නියැලුනු ලුෂන් බොහෝ අගහිඟකම් මධ්‍යයේ  ඔහුගේ කුවේට් ජාතික අනුග්‍රාහකයා සමග 2017 වසරේ ආසියානු කාය වර්ධන තරඟාවලියට සහභාගි වන ලදී.

ඒ වන විට එම තරඟාවලියට රටවල් 26 ක  කායවර්ධන ශූරයන්  361 වැන්නෙක් තරගවැදී ඇති අතර එහි කිරුළ වසර 50 ක් පුරාවට නොකඩවා දිනාගෙන තිබුනේ ඉරානය විසිනි. නමුත් 2017 වසරේ කවුරුත් නොසිතූ නොපැතූ අයුරින් ලූෂන් පුෂ්පරාජ් නම් වූ ශ්‍රී ලංකාවේ අසහාය ක්‍රීඩකයා සමස්ථ තරඟාවලියේම ආසියාතික ජයග්‍රාහකයා බවට පත්විය. ඒ අනුව ලොවෙහිම අවදානය දිනාගත් ලූෂන් මෙලෙසින් ලොව ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියකට සුදුසුකම් ලැබු අතර කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබුණාදැයි සැක සහිතය,

තරගය සදහා ඇමෙරිකා එක්සත් ජනපදයට යෑමට ලූෂන් පුෂ්පරාජ්ට වීසා පවා අහිමි වූ අතර , එයට හේතුව වූයේ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් ලූෂන් පුෂ්පරාජ්ට එරෙහිව පෙත්සම් ගසා තිබීම බව ලූෂන් විසින් මින් පෙර හෙළිකර සිටියේය.