ලොවක් නැරඹූ අපේ ලූෂන් තරග කළ මිස්ටර් ඇට්ලස් – ශ්‍රී ලාංකිකයන් ජය ඝෝෂා නගද්දි ලූෂන්ගෙන් හපන්කම් .! (VIDEO)

ලොව ප්‍රමුඛ පෙලේ කායවර්ධන තරගාවලියක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ මිස්ටර් ඔලිම්පියා තරගය මේ සති අන්තයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණා, ශ්‍රී ලාංකිකයන් අතර අතිශ‍ය කතාබහට ලක්වූ ආසියාවේ කලු සිංහයා ලෙස හැඳින්වෙන ලූෂන් පුෂ්පරාජ්ද මෙම තරගය තරග වැදුණා.

ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගෙන්ම එල්ල වු නොයෙකුත් පීඩන හා අපහසුතාවයට පත් කිරීම මැද ලොව ප්‍රමුඛම කාය වර්ධකයන් සමග තරග කළ ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ් තරගයේ අවසන් වටයද සුදුසුකම් ලැබීම විශේෂත්වයකි. එහිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සිංහ ධජද රැගෙන ලූෂන්ට සහය දැක්වීමට පැමිණ තිබුනි.

මවුබිමේ ආදරය සමග මිස්ටර් ඔලිම්පියා අවසන් තරගයට එලෙසින් ප්‍රවිශ්ඨ වූ ලූෂන් පුෂ්පරාජ් ට අපේක්ෂා වූ ජයග්‍රහනය අවාසනාවන්ත ලෙස මගහැරි ගියේය. ඒ මින් පෙර හය වතාවක් මිස්ටර් ඔලිම්පියා කිරුළ තමන් සතු කරගෙන සිටි ෆිල් හෙල්ත් හත්වැනි වතාවටත් මිස්ටර් ඔලිම්පියා කිරුළ ජයග්‍රහනය කිරීමත් සමගය,Image result for ලූෂන්

මේ සමගම ලෝක පූජිත ආර්නෝල්ඩ් ස්වසනේගර් පිට පිට හත් වතාවක්ම මිස්ටර් ඔලිම්පියා කිරුළ දිනා තැබු වාර්තාව සම කිරීමටද ෆිල් හෙල්ත් සමත් විය. ලූෂන් පුෂ්පරාජ්ට හිමිවූයේ තරගයේ සිවුවෙනි ස්ථානයයි, පුංචි ශ්‍රී ලංකාවේ ඉපිද , නිළධාරීන් සහ සංගම් කකුලෙන් අදිද්දි ලොව හොදම කා‍යවර්ධකයන් පස් දෙනා අතරට ප්‍රවිෂ්ඨ වීමම මහා ජයග්‍රහනයකි.

ආසියාවේ කලු සිංහයා ලූෂන් පුෂ්පරාජ්ට මවුබිම වෙනුවෙන් ගොසිප් සිංහල නිව්ස් වෙතින් උණුසුම් සුභ පැතුම් .!

තරගය ප්‍රථම අදිය‍ර ජය ගත් ලූෂන් සිය සතුට ප්‍රකාශ කළ අයුරු.