ඔබ කැමති පිහාටුවක් තෝරාගන්න – ඔබ තෝරාගත් පිහාටුව අනුව ඔබේ ගතිගුණ මෙතනින් බලන්න

අද අපි අරන් ආවේ හරි අපූරූ දෙයක්. මෙහෙම හිතන්නකෝ ලෝකේ හැමෝම එක සමාන වුනොත් කොයිතරම් නම් ඒකාකාරී වෙයිද? අන්න ඒ නිසා අපි හැමෝටම තියෙන්නේ එකිනෙකාගෙන් වෙනස් වෙන ගතිගුණ ,හැකියාවන් . ඉතින් මේ පහල තියෙන පිහාටු 5න් ඔබ කැමති පිහාටුවක් තෝරා ගන්න. ඊට පස්සේ අපි කියන්නම් ඔයා කොයි වගේ කෙනෙක් ද කියලා.

පිහාටු අංක 1

සමගිය හා සාමකාමී බව කියන්නේ නිතරම ඔයා වටා තියෙන දෙයක්. ඔබ ඔබව හොදින් අදුනා ගත් නිසා ඔයා වටා ඉන්නෙත් හරිම සංසුන් පුද්ගලයින්. ඔයා අනිත් අයට උදව් කරන්න හරිම කැමතියි.ඒ වගේම ඉල්ලපු උදව්වක් කවමදාවත් අහක දාන්නේත් නෑ. ඔයාට ඔනි කෙනෙක් එක්ක ඉක්මනටම මිතුරු වෙන්න පුළුවන්. ඒත් ඔයා කැමති ඔයා වගේ ආශ්‍රය කරන්න. සමහරු හිතයි ඔයා දුර්වල කෙනෙක් කියලා. නමුත් ඇත්ත ඔයා හුඟාක් කරුණාවන්තයි. ඔයාගේ තියෙන මිත්‍රශීලි බව හා විශ්වාසනීයත්වය නිසා ඔයාට ගොඩාක් යාළුවෝ නම් අනිවාර්යයෙන්ම ඇති.
පිහාටු අංක 2

ඔයාට ඕනිම දෙයක් ඉක්මනට ඉගනගන්න පුළුවන් .ඒ වගේම ටිකක් විතර ඔයාට හැමදේම හරියිටම තියෙන්න ඕනි. ඔයා හැම වෙලාවෙම ඔයාගෙ උපරිමේ කරන්න උත්සහ කරනවා වගේම අනිත් අයගෙනුත් ඒ විදියටම බලාපොරොත්තු වෙනවා. ඔයා වැඩිය යාලුවෝ සමග ඉන්න කැමති නෑ. ඔයාට ඕනි තනියෙන් ඉදන් ඔයා ගැන තවත් දැන ගන්න. ඒක නරක දෙයක් නෙවේ, ඒත් තමන් වටේ ඉන්න අයවත් මතක තියා ගන්න. මොකද සමහර කාල වලදී එයාලව ගොඩාක් ඕනි වේවි. මේ දේ සමහරවිට ඔයා නොදැනුවත්ව උනත් ,ඒ අය හිතයි ඒක ඒ අයගේ වැරද්දක් කියලා.

පිහාටු අංක 3

ඔයා නිදහස් කෙනෙක්. ඒ වගේම ඔයා ඔයාගේ හීන හා අරමුණු පස්සේ ලුහු බඳිනවා,ඒවා කොයිතරම් අවධානම් සහගත උනත්. ඔයා හැමෝටම කරුණාවන්තයි. සැකයක් නෑ ඔයාට හොඳ නායකයෙක් වෙන්නත් පුළුවන්. පරාජයට ඔයාව වට්ටන එක ලේසි වැඩක් නෙවේ. ඔයා ලේසියෙන්ම නැගිටිනවා. මොකද ඔයා දන්නවා ඒ පරාජය ඔයාට අත්දැකීම් ගොඩාක් ගේනවා වගේම ඔයාව ශක්තිමත් කරනවා කියලා. හැබෑයි ඔයා යාළුවෝ තෝර ගන්නකොට නම් මීට වඩා ගොඩාක් සැළකිලිමත් වෙන්න වෙයි.

පිහාටු අංක 4

ඔබ හරි ශක්තිමත් චරිතයක්. ඔයාගේ තියුණු හැකියාවන් ,හොද සිතීමේ හැකියාව නිසා ඔයා ඔයාගේ ප්‍රශ්න වලට හොදම විසඳුම් හොයනවා. ඒ විතරක් නෙවේ ඔයාව නිකන්ම කැපිලා පේනවා. ඔයාව මෝඩයා කරන එක එච්චර ලේසි වැඩක් නෙවේ. මොකද ඔයා ලග තියෙනවා හොද තර්ක. හැමෝම ඔයාට මුලින් කැමති වෙන එකක් නම් ඈ. ඔයා හිතන්නේ ඔයා හරි දරදඩු හා පාලනය විය යුතු කෙනෙක් කියලා. ඒත් කෙනෙක්ට පුළුවන් වෙයි ඔයාව ඉක්මනින්ම තේරුම් ගන්න .ඒ කෙනා දැන ගනී ඔයා හිතනවාට වඩා කොච්ච්ර කාරුණිකද කියලා. ඔයා ඔයාගේ විදියට ආදරෙයි. ඒ වගේම ඔයාටත් ටිකක් විතර හැමදේම හරියටම තියෙන්න ඕනි. ඒත් ඔයා මේක මතක තියාගන්න. ජිවිතේ හරිම කෙටියි.මේ හැමදේම අත්දැකීම්. ඉතින් මීට වඩා ජීවිතේ විදින්න.

පිහාටු අංක 5

ඔයා කලාකාමී වගේම හරි නිර්මාණයශීලි කෙනෙක්.ඒත් ඔයා ඔයාගේ වර්ධනය විය යුතු හැකියාවන් ගැන සමහර වෙලාවට විශ්වාස කරන් නෑ. ඔයාට ඔයා ගැන 100%ක් විශ්වාසයි, ඔයා හරියටම වැඩේ කරනවා. හැබැයි ඔයා අනිත් අයගෙනුත් ඒ දේම බලාපොරොත්තු වෙනවා. ඔබ ඇත්තටම පරදින්න බය කෙනෙක්.හරියටම කිව්වොත් මෙහෙමයි.දැන් ඔබ ඉන්න තැනින් අඩියක් හරි පහලට වැටෙන්න ඔබ කැමති නෑ.

මොකද හිතන්නේ මේ දේවල් ඔයාගෙ ගතිගුණත් එක්ක ගැළපුනාද? ඒ ගැන අපිටත් කියන්න. සුභ දවසක්!