චිත්‍රපටිවල සිටින සුපරි වීරයන්ට තිබෙන සුපිරි හැකියාවන් ඇති සෑබෑ ලෝකයේ අදටත් ජීවත්වන ලෝකයම පුදුම කරපු සතුන් මෙන්න

ඔබ අසා තිබෙන්නේ විශ්මිත සුපිරි බලයන් තිබෙන්නේ චිත්‍රපටවල සිටින සුපිරි මිනිසුන්ට කියා නේද? නමුත් අද අප පවසන්නට යන්නේ චිත්‍රපටවල සිටිනා සුපිරි වීරයන්ට තියෙනවා වගේ විශ්මිත සුපිරි බල තිබෙනා සතුන් කිහිප දෙනෙකු ගැනයි. අදටත් ජීවත්ව සිටිනා මෙම සතුන්ගේ ඇති සුපිරි හැකියාවන් සොබා දහමේ විශ්මිත නිර්මාණ කියලා කියන්නත් පුළුවන්. වැඩි කතා ඕන නැහැ ඔයාලත් පහතින් බලන්නකෝ මේ සතුන්ට ඇති සුපිරි හැකියාවන් මොනවද කියලා.

09. Hairy frog

අපට එදිනෙදා හමුවන ගෙම්බන් දකිනා ඔබට පිළකුලෙන් යුතුව ඉවතට යාවි, නැතහොත් ඔවුන්ව අල්ලා විසි කරාවි. නමුත් මෙම ගෙම්බන් සමග නම් එවැනි දෑ කිරීම අපහසුයි. මොවුන් wolverine frog ලෙසින් හැඳින්වේ. මොවුන්ට ඔවුන්ගේ ප්‍රතිවාදියාට ප්‍රහාර එල්ල කිරීම සඳහා වූ විශේෂිත අස්ථියක් පිහිටා ඇත. එය අකුලා ගැනීමේ හැකියාවෙන් යුක්තයි. හරියට X-men චිත්‍රපටියේ සිටිනා වුල්වරින්ට වගේ. එම නිසා එවැනි ගෙම්බෙකු දුටුවොතින් ඉවත් වී යාම ඇගට ගුණ වේවි.

08. Mantis Shrimp

මෙම පොකිරිස්සන් විශේෂයට අසාමානන්‍ය සුපිරි හැකියාවක් ස්වබාවයෙන්ම පිහිටලා තිබෙනවා. ඔවුනට ශක්තිමත් බුබුලක් නිර්මාණය කිරීමට හැකියි. එමගින් තරංගයක් නිපදවා තම සතුරා අඩපන කිරීම ඔහුගේ උපක්‍රමය වේ. එසේම තමන්ට හිස් ගොඩක් ඇත්තා සේ නිරුපනය කිරීමේ විශ්මිත හැකියාවක්ද ඔවුන් සතුව ඇත. මොවුන්ගේ මෙම හැකියාවන් යොදාගෙන පුපුරන ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වනවා.

07. Immortal Jellyfish

සදාකාලිකවම ජීවත් වන jelly fish වර්ගයක් ලෙසින් මොවුන්ව හඳුන්වනවා. රූපාන්තරණය වීමේ අපුරු හැකියාවක් මොවුන් සතුව ඇති අතර වයස්ගත වීමෙන් පසුව නැවත තම ජීවන චක්‍රයේ මුල් අවදියට පැමිණීමට ඔවුන්ට හැකියි. මොවුන්ගේ සෛලීය සංවිධානය උපයෝගී කරගෙන මිනිසුන්ගේ ව්‍යාධි වලට පිළියම් සොයාගැනීමට සහ ක්ලෝන නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයින් උනන්දු වනවා.

06. Malaysian Exploding Ant

හනු වල සිට යටි බඩ දක්වා විෂ සහිත කෝෂ වලින් සමන්විත මෙම කුහුඹුවන් ඉතා මාරාන්තික විශේෂයක් ලෙසින් සැලකෙනවා. ඇලෙන සුළු ගම් වැනි මෙම විෂ නිසා ගොදුර වේදනාකාරීව සෙමින් මිය යනවා. තම වර් ගයා වෙනුවෙන් ජීවිතය පුජා කරනා ලොව එකම කුහුඹු විශේෂය මොවුන් ලෙසයි සැලකෙන්නේ.

05. Mimic Octopus

සත්වයින් 15 දෙනෙකු පමන අනුකරණය කිරීමේ හැකියාවක් මෙම බූවල්ලන්ට පවතිනවා. අනෙක් සතුන්ගේ පැහැය පමණක් නොව හැඩයද අනුකරණය කිරීමට මොවුන්ට හැකියාව පවතිනවා. ඉතාමත් බුද්ධිමත් සතුන් කොට්ඨාශයක් ලෙසට සැලකෙන මෙම බුවල්ලන් මුහුදේදී හමුවුවොත් ජීවිතාරක්ෂාව සඳහා ඔවුන් අනුගමනය කරනා මෙම හැකියාවන් ඔබටද දකින්නට ලැබේවි.

04. Platypas

මොවුන්ට උදරයක් පිහිටා නැති බව කිවොත් ඔබ පුදුම වෙන්නත් ඉඩ තියෙනවා. ඇත්තෙන්ම මොවුන්ට උදරයක් පිහිටන්නේ නැහැ. නමුත් මොවුන් අයත් වන්නේ බිත්තර දමනා ක්ශීරපායින්ගේ ගණයටයි. වතුර යටදී මොවුන්ගේ ඇස සහ කන ආවරණය වන අතර ඒවායේ උපකාරයක් නොමැතිව ගොදුරු අල්ලාගැනීමේ හැකියාව මේ සතුන්ට තිබෙනවා. සත්ව ලෝකයේ සිටිනා අමුතුම ජීවියෙකු ලෙසින් මොවුන්ව හඳුන්වන්නට පුළුවන්.

03. Parasitoid Wasp

මෙම කෘමි විශේශය විවිධ සතුන්ගේ ශරීර වල බිත්තර දමන අතර එම ධාරකයාව පාලනය කිරීමේ විශ්මිත හැකියාවක් ඔවුනට තිබෙනවා. සමහර wasp ලා පමණක් මෙසේ ධාරකයින්ව පාලනය කරනා අතර අනෙකුත් අය වර්ධනය වීමෙන් පසු තම පාලනයට නතු කර ගනී. එම නිසා මොවුන්ගෙන් ප්‍රවේසම් වීම අැගට ගුණදායක වනවා.

02. Naked Mole Rat

වේදනාවාන් වලට සහ පිළිකා වලට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාවක් මොවුන්ට තිබෙනවා. ස්වභාවයෙන්ම අන්ධ වන මොවුන් ගුල් වලින් රිංගා යාමට උපයෝගී කරගන්නේ තම රෝම වේ. ඔවුන් සතු තියුණු දත් වලින් ගුල් හාරන අතර ඔවුන්ව පාලනය කරනා රැජිනියක්ද කොලනියේ සිටී. මොවුන්ගේ පිළිකා වලට ප්‍රතිරෝධී හැකියාව උපයෝගී කරගෙන ඖෂධ තැනීමට විද්‍යාඥයින් උප්තහ කරනවා.

01. Tardigrade


කිසිදු ආකාරයකින් මරණයට පත් කල නොහැකි මොවුන් සභාවයේ සිටිනා දරුණුම සතුන් ලෙස සැලකෙනවා. අපෘෂ්ටවන්ශියෙක් වන මොවුන් වැඩෙන්නේ මිලිමීටර ගණනක් තරම් කුඩාවටයි. අධි පීඩන, අධි උෂ්ණ මෙන්ම අධි ශීතල තත්ත්ව යටතේද ජීවත් විය හැකි මොවුන් ජලීය මාධ්‍යකදී වතුර උරාගෙන දිවි රැක ගන්නවා