පශු වෛද්‍යවරයා පැය දෙකකින් මැරෙන බව කියූ සතාව ආනන්ද මෛත්‍රී හාමදුරුවෝ සිංහල වෙදකමෙන් බේරා ගත් හැටි

බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියෝ සත්වයන් කෙරෙහි ඉතාම කරුණාවන්ත වුහ. සතු කෙරෙහි කරුණාව දැක්වීමේදී උන් වහන්සේ කිසිවිටෙක සතාගේ වටිනාකම හෝ ප්‍රයෝජනවත් බව සැලකිල්ලට ගත්තේ නැත. මේ නාහිමිපාණන් වහන්සේ බලන්ගොඩ උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ වැඩවිසූ කාලයක සිදු වූ දෙයකි.

කොහේදෝ සිට දඩාවතේ ඇවිද ගෙන ආ බලු පැටියෙකු උඩුමුල්ලේ පන්සලට ඇබ්බැහි වුනා. වැඩි පෙනුමක් නොතිබුණු නිසා මේ බලු පැටියාට කිසි කෙනෙක්ගේ සැලකිල්ලක් ලැබුනේ නෑ. මේ අතරේ මේ බලු පැටියා අසනීප උනා. කව්රුවත් ගණන් ගත්තෙ නෑ. බලු පැටියා හොදටම දුර්වල උනා

දවසක මහා නායක හාමුදුරුවන්ට කොළඹ යාමට යෙදුණා. ඒ වෙලාවේ බලු පැටියා මතක් වී වරෙන් උබත් කොළඹ යන්න කියා උස්සලා වාහනයට දා ගත්තා. මේ අවගේ වැඩ වලදී කිසිකෙනෙකු නායක හාමුදුරුවන් වලක්වන්න යන්නෙත් නෑ. අනෙකුත් හාමුදුරුවරු ඔහේ හිනා වෙලා බලා සිටිනවා මිසක කිසි දෙයක් කියන්න යන්නේ නෑ. නායක හාමුදුරුවෝ තමන් වහන්සේගේ අවශ්‍යතා වලට කලින් බලු පැටියා පශු වෛද්‍ය වරයෙකු ලගට ගෙනිහින් පෙන්නුවා. වෛද්‍යවරයා බලු පැටියා පරික්ෂා කර බලා වැඩක් නෑ හාමුදුරුවනේ , මුට ඩබල් නියුමෝනියාව (පෙනහළු දෙකටම) තව පැය දෙකකින් මැරෙනවා කිවා.

නායක හාමුදුරුවෝ වහාම තමන් වහන්සේගේ වැඩ කටයුතු පස්සට දමා බලු පැටියාව මහරගම වටේ වත්ත පන්සලට අරගෙන ගියා. ඉක්මණින් ඉඟුරු ඉස්ම ටිකක් සකස් කරවා ඒ ඉස්මෙන් සීතා රාම ගුලි දෙකක් දුන්නා. මෙන්න පැත්ත වැටි හිටිය බලු පැටියා විනාඩි 5කින් නැගිට්ටා. මිදුලට දුවල ගිහින් මුත්‍රා කල ආපහු ඇවිත් නායක හාමුදුරුවන්ගේ කකුල් දෙක ලගින් නිදා ගත්තා. ඊට පස්සේ නායක හාමුදුරුවෝ නැවත කොළඹ ගිහින් තමන් වහන්සේගේ වැඩ කටයුතු කරගෙන ආවා. ආයෙමත් හැන්දෑවේ තවත් සීතා රාම ගුලි දෙකක් බලු පැටියට දුන්නා. දොස්තර මහතා පැය දෙකකින් මැරෙනවා කිව්ව බලු පැටියා උදේ පන්සලේ දොර අරිනකොට දුවගෙන ඇවිත් වලිගය වනමින් නටන්න ගත්තා. නායක සාමුදුරුවෝ මද සිනහවක් නගා ගෙන ගිහින් උට නෙස්ටොමෝල්ට් වීදුරුවක් හදලා බොන්න දුන්නා. ඊට පස්සේ උ බඩ පිරෙන්න ඉදිආප්පත් කෑවා

නායක හාමදුරුවෝ ආයෙත් බලු පැටියව අරගෙන ගිහින් පශු වෛද්‍යවරයාට පෙන්නුවා. මහත්තයෝ මු මලේ නෑනේ. කියලා වෛද්‍යවරයා නැවතත් බලු පැටියව පරික්ෂා කර දැන් නම් මුට කිසිම ලෙඩක් නැහැයි කිවා.

ඕක තමයි මහත්තයෝ සිංහල වෙදකමේ හාස්කම යි කියූ නායක හාමුදුරුවෝ මෙන්න ඛෙහෙත කියා ඛෙහෙත්ගුලි දෙකකුත් පශු වෛද්‍යවරයාගේ අතට දුන්නා.

බලන්ගොඩ මහා නාහිමි සබැදි කතා කෘතියෙන් උපුටා ගත්තකි