“පාසලට හැමදාම කිලෝ මීටර ගණනක් පයින් යන්නේ එන්නේ..” ජීව විද්‍යාවෙන් පෙරමුණට ආ සිසුවියගේ ධෛර්යවන්ත කතාව – Photos

“5.30 වෙනකොට පාසල් යන්න පිටත් වෙනවා..”

“එහෙම දවසට ආපහු හැරිලා ගෙදර එනවා..”

පසුගිය වර්ෂයේ උසස්පෙළ විභාගයේ ප්‍රථිපල අතරින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවවිද්‍යා අංශයේ පලමු තැනට හා සමස්ථ ලංකාවෙන්ම 188 වන්නට ගලෙන්බිදුණුවැව හුරැඵ මිගහපට්ටිය ගම්මානයේ නවරත්න මුදියන්සේලාගේ වලව්වේ සදුණි මෙත්සලා රාජසිංහ දියණිය සමත් වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවවිද්‍යා අංශයේ පලමු තැනට පත් පළමු සිසුවිය වීමේ වරමද ඇයට හිමි වුණා.

දියණියන් තුන්දෙනෙකු ගෙන් සමන් වීත පවුලේ  වැඩිමහල් දියණිය  වු ඇය හුරැළු මිගහපට්ටිය පාසලෙන් මුලික සිප්සතර හදාරා පසුව ගලෙන්බිදුණුවැව ප්‍රාථමික  විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව  විභාගයට මුහුණ දී තිබෙනවා.ඇය ලකුණු 159 ලබා එම කඩඉම සමත් වීමත් සමග ගලෙන්බිදුණුවැව මහ විදුහලෙන්  සාමන්‍ය පෙළට මුහුණ දී තිබෙනවා. එයින් ඇය A8 හා B1 ලබාගෙන ජව විද්‍යා අංශයේන් උසස් අධ්‍යාපනය ලැබිමට අනුරාධපුර මධ්‍ය විදුහලට ඇතුලත් වී තිබෙනවා.

පසු ගිය උසස්පෙළ විභාගයට පෙනී සිටියේද දහසක් බලාපොරොත්තු තබාගෙන වුවත් ඇය බොහො අභියෝග ඇතිවයි.එනම් තමා  ගමට නිසි මාර්ග හා ප්‍රවාහන පහසුකම් නොමැතිව තම නිවසේ සිට දෛනිකව කිලෝ මිටර් 60 අධික  දුරක් බස් රථයෙන් ගමන් ගෙන තම අභියෝගය ජය ගත් සදුණි මෙත්සලා රාජසිංහ දියනිය අපහට සදහන් කර සිටියේ තමා කුඩා කල සිටම සිත තුල තිබු සිහනයක් මල් පල ගැන්වුනු බවයි.

“මම පාසල් යන්න අවදිවෙන්නේ  උදේ 4.00ට. උදේම නැගිටලා පාඩම් කටයුතු කරලා  5.30 වෙනකොට පාසල් යන්න පිටත් වෙනවා.අපේ ගමට බස් රථ නැ.ඒ දවස් වල අපිට යන්න එන්න පහසුකම් නැති කාලයක් තිබුනා මම පාසලට යන්න ගෙදර ඉදන් කිලෝ මිටර් 3 විතර බොරළු පාරේ යනවා වැස්ස දවස් වලට පාරේ ගියේ බොහොම අමාරැවෙන්. සමහර දවස්වලට සුදු ගවුම දුඹුරැ පාට වෙනවා පාරේ තියන මඩ වතුරට.

එහෙම දවස්වලට ආපහු හැරිලා ගෙදර එනවා.එත් මට එවා අභියෝගයක් වූනේ නැ.මම මගේ ඉලක්කයට ආසාවෙන් ගියා.මම හැමොටම කියන්නේ ආසව හා උනන්දුව කැපවීම තියෙනවා නම් ඉලක්කයක් තියෙනවා නම් ජය ගන්න අපි හැමොටම පුළුවන් කියන එක. මගේ ඉදිරි බලාපොරොත්තුව  වෛද්‍යවරියක් වෙන එක. එකත් මම ජය ගන්නවා .මට ඔනේ නිහතමානි චරිතයක් තුලින් රටට සේවයක් කරන්න.මේ වෙලාවේ මගේ දෙමාපියන් හා සියළු ගුරැවරැන් මම සිහිපත් කරනවා.එයාලා තමා මට සෙවනැල්ල වගේ මගේ ලගින් ඉදලා උදව් කරේ. ඒ නිසයි මට විභාගයට මේ විදිහට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණේ. ඒ නිසා හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා..”

HiruGossips