නොවිදිනා දුක් විද බත් පැකට් විකුණා සුපිරි කෝටි පතිනියක් වුනු දිරිය ගැහැණිය මෙන්න

මම රුවිනි..දුප්පත් කෙල්ලෙක්..දුප්පත් උනත් මට ලස්සන රූපයක් තිබුනා..ඕනම කෙනෙක් දෙපාරක් හැරිල බලන ලස්සනක් තිබුනත් අවාසනාව දොතින් තුරුලු කරන් මේ ලෝකෙට ආවා කිව්වොත් මං නිවැරදි..මං ඉපදුනෙ මගෙ රත්තරං අම්මව මරාගෙන. මට අම්මගෙ ආදරෙ ලැබිල නෑ.

.මම උසස් පෙල වෙනකන් හොදට ඉගෙන ගත්තා උසස් පෙල ඉවර වෙනවත් එක්කම තමා මගෙ තාත්තත් මාව තනි කරල දාල ගියෙ..මට කියල කිසිම කෙනෙක් මේ ලෝකෙ හිටියෙ නෑ. යන්න එන්න තැනක් නෑ.මම ජොබ් එකක් හොයන් කොළඹ ආවා..ඔව් හෙව්ව වගෙම හොඳ වැටුපක් එක්ක මට හොද ජොබ් එකක් හම්බුනා..

මගෙ ජීවිතේටත් ආදරෙ එබිකම් කලා..එයා සුනෙත්,ලස්සනයි,, කඩවසම් හොඳ ජොබ් එකක් කලා. මගෙ ජීවිතේ තියෙන පාලුව කාන්සිය මග අරව ගන්න මට නොලැබෙන ආදරේ රැකවරනෙ ලබා ගන්න මාත් දෙපාරක් නොහිතම එයාට කැමති උනා. එයාගෙ ගෙදර අය අකමැති උනාට අපි දෙන්න කොහොම හරි කසාද බැඳලා එයාගෙ ගෙදරම පදිංචි උනා.

.බැන්දට පස්සෙ රස්සාවට යනවට සුනෙත් කැමති උනෙ නෑ, මාත් නැවතුනා..එදා ඉඳන් එයාගෙ අම්මටයි අක්කලා දෙන්නටයි මාව පෙනෙන්න බැරුව ගියා..එයාල මට වෙනස්කම් කලා..අඩුම තේ එකට සීනි දාගන්නවත් එයාල මට දුන්නෙ නැහැ..ඒ තරම් වෙනස්කම් කලා..

ඔය කාලෙ සුනෙත්ලගෙ නෑවෙන නංගි කෙනෙක් මෙහෙ යන්න එන්න පටන් ගත්තා..හොඳ සල්ලි තියෙන් කෙනෙක්ලු..ගෙදර අයටත් ඉතිං ඊට වඩා ලොකු කෙනෙක් නෑ..සුනෙත් ටික ටික වෙනස් වෙන්න ගත්තා..දවසක් එයා මාව ගෙදරින් එලියට දැම්ම..මම හිඟන්නියෙක් වගේ එයාගෙන් මගෙ ජීවිතේ ඉල්ලුවා වැඳල ඉල්ලුවා..

එයා මාව ගෙදරින් එලියට ඇදල දැම්මා..ආයෙමත් මම අසරණ උනා.. ඒ වෙලාවෙ දෙවි වරු වගේ මට පිහිට උනේ නදීකයි හශිනියි..එයාල මාව එයාලගෙ ගෙදර එක්කන් ගියා..හුගක් දේවල් කිව්ව..මගේ හිත හැදුවා..එයාල කිව්වෙම මාව වට්ටපු මිනිස්සුන්ට පේන්නම නැගිටින්න කියලා..ඔව් ඒ කතාව ඇත්ත.ඒත් මට කරන්න දෙයක් කල්පනා උනේ නෑ..මොකද අපි ඩිවෝස් උන ගමන්ම සුනෙත් අර ගෑනු ලමයා මැරිකලා කියලා ආරංචි උනා..

මං දවස් ගානක් කල්පනා කලා මොනවම හරි කරන්න ඕන, මෙතනින් ගොඩ එන්න ඕන කියල..ඔහොම හිතල හිතලා මං තීරණයක් ගත්ත කෑම පැකට් ටිකක් හදල කඩවල් වලට දාන්න..

මට රසට උයන්න පුලුවන් කියල මගේ කෑම කන හැමෝම කිව්ව නිසා ඒ දේ කරල බලන්න මට හිතුනා..ටවුම පුරාම ඇවිදල ඇවිදල කඩවල් දෙක තුනක් හොයාගන්න මට පුලුවන් උනා..

කඩවල් වලට දාපු කෑම ටික ඉක්මනට විකිණුනා..මාත් හැමදාම කෑම පැකට්ස් දැම්මා කඩවල් වලට..නදීකා එයාගෙ ඔෆිස් එකෙ අයට දෙන කෑම ඕඩර් එක මට අරන් දුන්නා..මාත් හැමදාම ඉන්ටර්නෙට් එකෙ සර්ච් කරලා අලුත් අලුත් කැම ජාති හදන හැටි පුරුදු වෙනවා.රෑ නිදිමරන් කෑම හදනවා.ඒව කඩවල් වලට දානවා..හම්බෝ හරි මහන්සී.

.ඒ උනාට මම ඒ දෙවල් හරි පිලිවෙලකට කලා..මගෙ මහන්සියෙ ප්‍රතිඵල මට හරි ඉක්මනට උදා උනා..හිතුවට වඩා කෑම ඔඩර්ස් ගලන් ආවා..තනියම වැඩ කර ගන්න බැරි නිසා කෙල්ලො දෙතුන් දෙනෙක් ගත්තා..කෑම ඩිලිවර් කරන්න වාහනයක්, ඒකෙ වැඩට කොල්ලෙක් එහෙමත් ගත්තා..මම ටික ටික දියුනු උනා..

අද මේ වෙනකොට මාව නොදන්න කෙනෙක් නැති තරම්..මටම කියල ලස්සන ගෙයක්, යන්න එන්න වාහනයක් මේ හැමදෙයක්ම දැන් මට තියෙනවා..මේ පාර වසරේ නැගී එන ව්‍යවසායිකාව වුනෙත් මං..ඉතිං ඕක තමයි මගේ කතාව..අන්තිමටම කියන්නම් උත්සහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ.ඕන වෙන්නෙ උතසහයයි කැපකිරීමයි තමයි..
උපුටා ගත් සත්‍ය කතාවකි