දරුවෙක් පාසල් යවන්න තරුණයෙක් කළ උතුම් වැඩක් !

තමන්ට හිමි නොවූ සැපවත් ජීවිතය සිය දරුවන්ට ලබා දීමට නොයෙකුත් කැපකිරීම් කරනා මවුවරුන්, පියවරුන් අප සමාජයේ ඕනෑ තරම් දැක ගත හැකියි.

කෙසේ නමුත් ආර්ථික අපහසුතා නිසාම එම දෙමාපියන් කොතරම් අසරණ වනු ඇත්ද ?

එවන් මවකට සිය දරුවා පාසල් යෑවීමට උපකාර කළ අපූරූ තරුණයෙකු පිළිබදව අපට වාර්තා වෙනවා.

යොහාන් රාජපක්ෂ නම් මෙම තරුණයා පසුගිය දිනක ආහාර ගැනීමට, හෝටලයක් අසල වාහනය නවත්වා තිබෙනවා.

එම අවස්තාවේ එතනට පැමිණි මවක් මුරුක්කු පැකට්ටු විකිණීමට වී තිබෙන්නේ සිය දරුවාට සපත්තු කූට්ටමක් මිලට ගැනීමටයි, සිදුවීම යොහාන් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සදහන් කර තිබුණා.

“පානදුරේ මාතර බත් කඩේ ගාවින් කාර් එක නැවැත්තුවේ බඩගින්න වැඩි කමටමයි. වාහනෙන් බහිනකොටම ළඟට ආපු මේ අම්මා මට කිව්වේ “මහත්තයෝ මේ මුරුක්කු පැකට් එකක් ගන්න පුලුවන්ද? මේ දරුවට ඉස්කෝලේ දාන්න සපත්තු දෙකක් ගන්න සල්ලි නෑ” කියලා.

බලනකොට ඒ දරුවා අද ඉස්කෝලේ ගිහින් නැත්තේ සපත්තු දෙකක් නැති නිසා. ඉතින් දෙපාරක් හිතන් නැතිව මම ඒ දරුවට සපත්තු දෙකක් අරන් දෙන්න හිතුවා. අපි ගියේ පානදුරේ BATA ආයතනයට.

යන අතර මග මා විසින් කළ විමසීමකදී මට දැන ගන්න ලැබුනා මේ දරුවා මතුගම පාන්තිය විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වගත්, පන්තියේ ළමුන් 25 දෙනෙකු අතරින් පන්තියේ අට වැනි ස්ථානය ලබා ගන්නා බවත්.

BATA ආයතනයට ගිය අවස්ථාවේ එම කළමනාකාර තුමා විසින් ඔවුන්ට උදෑසන ආහාරයද ලබා දුන්නා. එමෙන්ම මා හට එම සපත්තු කුට්ටම සඳහා වට්ටමක්ද, සපත්තු මේස් යුගලයක්ද නොමිලයේ ලබා දුන්නා. තාත්තා ලොතරැයි විකිණුවත් මේ දරුවාගේ අධ්‍යාපනයට නම් කිසිම මුදලක් දෙන්නේ නෑ කියලයි ඒ අම්මා අපිට කිව්වේ.

අම්මට දුරකතනයක් නෑ. ඒත් තාත්තාගේ දුරකතනයෙන් මට කතා කරලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉල්ලන්න කියලා මම කිව්වා. 

විශේෂ ස්තූතිය පානදුර BATA ආයතනයේ කළමණාකාර තුමා ඇතුලු කාර්‍යමණ්ඩලයට “