ඉඳුනිල් අන්ද්‍රමාන පර්පල් රේන්ජ් තුලින් අයින් වුනාද..? අයින් කරාද..? නිහඬව සිටි ඉඳුනිල් පිළිතුරු දෙයි..! (PHOTOS)

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම මේ දිනවල හැමදෙනාගෙම අවධානයට යොමුවෙලා තියෙනවා. ඒ ඉඳුනිල් අන්ද්‍රමාන සංගීත කණ්ඩායමෙන් ඉවකල බවට පැතිර ගිය කතාවත් සමඟයි.පර්පල් රේන්ජ් නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම හරහාද ඉඳුනිල් අන්ඳ්‍රමාණට එරෙහිව බොහෝ චෝදනා එල්ල කර තිබුණා.

කෙසේ නමුත් ඉඳුනිල් සිය ෆේස් ගිණුමේ අද (19) උදෑසන මෙවැනි සටහනක් තබා තිබුණා.

මේ දිනවල මා දැඩිලෙස රෝගාතුර වී පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව මාගේ සමීපතයින් කීපදෙනෙකු පමණක් දන්නා කරුණකි…

සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහාම පිළිතුරු ලබාදෙන්න බලාසිටියත් එල්ලවෙන මඩ ප්‍රහාර හා බොරු දරාගත නොහැකි නිසයි මේ පිළිබඳ ඔයාලව දැනුවත් කරන්නේ…

සංගීත කණ්ඩායමට කිසිම සම්බන්ධයක් නැති “Purple Range Dickwella” කියන ෆේස්බුක් පිටුවෙන් දාලා තිබුණා මාව නැවතත් මාස 6කට පුනුරුත්ථාපන කඳවුරකට යොදවලා කියලා…

එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර මාගේ අසනීප තත්ත්වය දැන් බොහෝ දුරට සුව වී හමාරය.
නැවත පැමිණි වහාම (බොහෝ දුරට මේ සතිය ඇතුලත)

සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහා පිළිතුරු දීමට බලාපොරොත්තු වෙන්නෙමි!

“පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදනා මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ”

නින්දා ප්‍රශංසා වගේ අපහාස කියන්නෙත් මට නුපුරුදු දෙයක් නෙවේ! එකපාරක් වැටිලා නැගිටපු මං මේ පාරත් ආයේ නැගිටිනවා ඔයාලගේ ඒ ආදරය ශක්තියක් කරගෙන…!

ඉක්මනටම වේදිකාවට ඇවිත් අලුත්ම ගමනක් යන්නම් ඔයාලගේ ආදරය ආශිර්වාදය මැද්දෙන් ❤️

ඔයාලගේ ආශිර්වාදය ආදරය හා මේ වගේ රසික පිරිසක් ඉන්නකන් “අන්දරේව” වේදිකාවෙන් බස්සන්න කාටවත් බෑ!

මං ගැන හොයපු,ලක්ෂ ගණන් මැසේජ් දාලා මගෙ දුක සැප, කරන්නෝන උදව් අහපු සෑමදෙනාටම හදවතින්ම ආදරෙයි ❤️

නමත් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නායක සේනක ක්‍රිස්බන් පවසන්නේ ඉඳුනිල් මතට ලොල්වීම නිසා ඔහුගේ නිවසේ උදවිය විසින් ඔහුව පුනරුත්තාපන කඳවුරකට බාර දී ඇති බවයි.

එසේම පසුගිය කාලයේදී ඉඳුනිල් කණ්ඩායමට එරෙහිව කටයුතු කල බවද ඔහු සඳහන් කරන අතර පර්පල් රේන්ජ් නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමේ සඳහන් සියළු තොරතුරු සත්‍ය බවද ඔහු සඳහන් කරනවා.