” හේනේ බඩ ඉරිගු කන්න අලියෙක් ආපු නිසා කේන්ති ගිහින් , හේනේදීම අලියා මරා පුච්චා දමලා “

උණගොල්ලෑව ගම්මානයේ බඩඉරිගු හේනකදි වල්අලියෙකු මරා කපා පිළිස්සුබව කියනුලබන උණගොල්ලෑව ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (20) දින අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වල්අලියා මරා කපා පිළිස්සු බව කියනුලබන බඩඉරිගු හේනේ අයිතිකරුවන උණගොල්ලෑව ගම්මානයේ පදිංචි කොට්ටව ගමගේ නුවන්කුමාර නැමැති පුද්ගලයෙකි.

සැකකරුගේ හේනට බඩඉරිගු කෑම සදහා පැමිණි වල්අලියෙකු දින කිහිපයකට ඉහතදි වෙඩිතබා හෝ විදුලිසැර වද්දවා මරා ඒ බව කිසිවෙකුත් දැනගනිවි යන අදහසින් එය වසන්කිරිම සදහා කපා පුළුස්සා එසේ පිළිස්සුණ කොටස් එම පුද්ගලයාගේ බඩඉරිගු හේනේ තැනින්තැන දමා ඇතිබවට මොරගොඩ පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මොරගොඩ පොලිස් ස්ථානයේ නිළධාරින් ඉකුත් 20 වෙනිදින පෙ.ව. 09.00 ට පමණ එම ස්ථානයට ගොස් කල පරික්ෂාකර බැළිමකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය පවසයි.

මරාදැමුණු වල් අලියා කපා ටයර් සහා දර දමා පුළුස්සා එසේ පිළිස්සුණ කොටස් සැකකරුගේ හේනේ තැනින්තැන දමා ඇති අයුරු දැකගන්නට ලැබුණු බවත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත්කිරිමට නියමිතබවද මොරගොඩ පොලිසිය පවසයි.

වල් අලියා මරාදමා කපා පිළිස්සු ස්ථානය සහා වල් අලියාගේ පිළිස්සුණු කොටස් බඩඉරිගු හේනේ තැනින්තැන දමාඇති අයුරු ඡායාරුපයෙන් දැක්වෙයි.

image_bb3304c792

image_e04311e1e5