‘පිරිමින් රාජකීයන් අසළට ගියහොත් එතුමන්ලාට කොන්ද නමා ආචාර කරන්න‘ – බුකිය කැළඹූ බ්‍රිතාන්‍ය රාජකීයන් පිළිගැනීමේ කමිටු නිවේදනයේ ඇත්තම කතාව මෙන්න

ෆේස්බුක් හා ටිව්ටර් වැනි සමාජ ජාලයන්හි හුවමාරු වන ලියවිල්ලක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට යොමුවී තිබෙනවා.

බ්‍රිතාන්‍ය රාජකීයන් පිළිගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව හුරු පුරුදු නොමැති බව සඳහන් කරමින් එම ලියවිල්ලෙන් උපදෙස් මාලාවක් මෙලෙස ඉදිරිපත් කර තිබුණා

රාජකීයන් අසළදී හිස් වැසුම් ගලවන්න
ශරීරය මනාව වැසෙන පරිදි ඇඳුමක් ඇඳ පැමිණෙන්න
රාජකීයන් නැගිට සිටියදී වාඩිවීමෙන් වළකින්න
රාජකීයන් අසළදී හඩා නගා කතා කිරීමෙන් වළකින්න
ජංගම දුරකථන සෑම විටම ක්‍රියා විරහිත කර තබන්න
රාජකීයන්ගේ මුහුණු දෙස එක එල්ලේ නොබන්න
රාජකීයන්ව ස්පර්ෂ කිරීමෙන් වළකින්න. මෙය අපරාධමය වරදකි
රාජකීයන් ආහාර ගැනීමට මත්තෙන් ආහාර ගැනීම වළකින්න
පිරිමින් රාජකීයන් අසළට ගියහොත් එතුමන්ලාට කොන්ද නමා ආචාර කරන්න
කාන්තාවන් රාජකීයන් අසළට ගිටහොත් එතුමන්ලාට දණින් නැමී ආචාර කරන්න

කෙසේ වෙතත් මෙම ලියවිල්ලේ කිසිදු සථ්‍යතාවක් නොමැති බව විදේශ ආමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.එවැනි කමිටුවක් හෝ එවැනි ලියවිල්ලක් හෝ මෙය නිකුත් කර ඇති ඩී එෆ් එම් ද මැල් නමින් කිසිවෙකු නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

මහා බ්‍රිතාන්‍යයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස නිදහස් දින ජාතික උත්සවයට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියේ එළිසබෙත් රැජින නියෝජනය කරමින් දින 6 ක නිල සංචාරයක් සඳහා රජ පවු‍ලේ එඩ්වඩ් කුමරු සහ සොෆි කුමරිය එමරේට්ස් ගුවන් යානයකින් ඊයේ (31) දින දහවල් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටු‍පොළින් දිවයිනට පැමිණියා.

නිදහස් සමරුවට සහභාගී වීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ සංචාර කිහිපයකම යෙදෙන මෙම දෙපළ මහනුවර ශ්‍රී දළදා මාළිගාව, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සහ රත්මලාන අන්ධ විද්‍යාලය ආදී ස්ථාන වල සංචාරය කිරීමට සහ තවත් සමාජ සුභසාධන කටයුතු කිහිපකට සහභාගී වීමට නියමිතය.