පොලීසියේදී මිය ගිය සොහුයුරා වෙනුවෙන් දින 782ක් සත්‍යග්‍රහයක නිරතවූ තරුණයාට සහනයක්..!! යුක්තිය වෙනුවෙන් සමාජ ජාලා පෙරට එයි..! (PHOTOS)

තමන්ගේ මියගිය සහෝදරයා  වෙනුවෙන් දින 782 ක කාලයක්  තිස්සේ සත්‍යග‍්‍රහයක නිරත වූ දකුණු ඉන්දීය ජාතිකයක තරුණයෙකු පසුගිය (01) වෙනිදා එම සත්‍යග‍්‍රහය  අවසන් කර තිබෙනවා. එරට ෆෙඩරල් එ්ජන්සිය විසින් ඔහුට දුන් පොරොන්දුවකින් පසුව ඔහු මෙම සත්‍යග්‍රහය අවසන් කර ඇති අතර පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තම සොයුරාගේ මරණය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලා සිටිමින් ඔහු මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කර තිබුණා.

ජංගම දුරකතනයක් සොරකම් කළේ යැයි අත්අඩංගුවට ගැනුණු ශ‍්‍රීජිත්ගේ සහෝදරයා පොලීසියේදී  මියයාම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ඉල්ලා තිබුණු අතර  ශ‍්‍රීජිත්ගේ අඛණ්ඩ සත්‍යග‍්‍රහය වෙනුවෙන් එරට සමාජ ජාලාවලින් විශාල සහයෝගයක් ලැබී තිබුණා.

ඒ අනුව  ‘ශ‍්‍රීජිත්ට යුක්තිය’ යනුවෙන් හෑෂ් ටැග් සහිතව සමාජ ජාලා තුල ඇතිවූ ජනපි‍්‍රයත්වය නිසා  එරට පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීමට තීරණය කර තිබුණා. කෙසේ නමුත් ශ‍්‍රීජිත් විිසින් එයට විරෝධය පළ කිරීම නිසා එම විමර්ශනය ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය වෙත (සීබීඅයි) වෙත මාරුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසියට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පොලීසිය පවසන්නේ  ශ‍්‍රීජිත්ගේ මියගිය සොයුරා වන 26 හැවිරිදි ශ‍්‍රීජීව් පොලිස් සිරකුටිය තුළ සිය දිවි නසාගත් බවයි.