කල්පිටියේ අපේක්ෂන්ගේ ආධාරකරුවන් ගමන් ගත් රථයට ප්‍රහාරයක්

කල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.

09 වැනිදා රාත්‍රී 12.30 ට පමණ මදුරන්කුලිය – විරුතෝඩේ ප්‍රදේශයේදී මෙම සිද්ධිය වාර්තා වනවා.

ප්‍රහාරයෙන් අංක 252 – 8417 දරණ වෑන් රථයට හානි සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෑන් රථයේ ගමන් කරමින් සිටි එස්.එම්.ජෙයිලන් සහ එම්.එස්.අර්ෂාද් යන දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් බව ද රෝහල් ගත කර සිටින අයපවසා තිබෙනවා.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.