ප්‍රබල පක්ෂයක අපේක්ෂකයෙක් සල්ලි බෙදන බව ආරංචි වී ගමක් වටවෙලා වේච්ච දේ

මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (09) රාත්‍රියේ සිදු කිරීමට ගිය බව කියන සිද්ධියක් නිසා උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කල්පිටිය තිහලිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ මෙම උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා.

කෙසේවෙතත් තත්ත්වය පාලනය කිරීමට පොලිසියට හැකි වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කල්පිටිය තිහලිය ප්‍රදේශයේ අදාළ ඡන්ද අපේක්ෂකයෙකුගේ නිවසේදී මුදල් බෙදන බවට පැතිර ගිය ආරංචියක් මත එම නිවසේ විශාල පිරිසක් එක්රොක් වී තිබුණා.

කෙසේවෙතත් මෙම අවස්ථාවේදී එම ප්‍රදේශයේ තවත් පිරිසක් එක්වී අදාළ නිවසේ සිටි පිරිස වටකොට නිවස තුළට දමා රඳවා ගැනීමට කටයුතු කර තිබුණා.

පසුව මේ පිළිබඳව පොලිසියට දැන්වීමෙන් පසු පොලිස් ජංගම මුර සංචාරයේ යෙදෙන රථය අදාළ ස්ථානයට පැමිණියා. ඒ අනුව තත්ත්වය පාලනය කර සිර කර සිටි පිරිස මුදා හැරීමට කටයුතු පියවර ගත්තා.

අදාළ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු බවයි වැඩි දුරටත් අප වාර්තාකරු සඳහන් කළේ.