කසකස්ථානයේ කෙල්ලන් පරදා කොල්ලෙක් රූ රැජිණ වුණු හැටි – Photos

“පිරිමියෙකුටත් ලස්සන ගැහැණියෙක් වගේ පෙනී ඉදලා දිනන්න පුළුවන්..”

“මම පුදුම වුණා මාව අවසන් වටයට තේරුණා කිව්වම ..”

රූ රැජින තරගයක් ජයග්‍රහණය කළ විසි දෙහැවිදිරි මෝස්‌තර නිරූපන ‘ශිල්පියෙකු’ ගැන කසක්ස්ථානයෙන් වාර්තා වෙනවා.

සමාජ මාධ්‍ය ජාලයකට පමණක් සීමා වුණ මෙම තරගයට ඇරීනා ඇලියේවා නමින් පෙනී සිටි ඉලයි ඩයගිලෙෆ් ෂිම්කන්ට් අන්තර්ජාල රූ රැජින ලෙස කිරුළු පැලදුවා. ඔහු තරගයට ඉදිරිපත් කළ ඡායාරූපයට දෙදහසකට අධික පිරිසක් කැමැත්ත පළ කර තිබෙනවා.

වැඩි පිරිසකගේ කැමැත්තෙන් ඇලියේවා දකුණු කසක්ස්ථානයේ ෂිම්කෙන්ට් අගනුවර අන්තර්ජාල රූ රැජින ලෙස කිරුළු පැළදුවා.

නමුත් මෙම ජයග්‍රහණයේ සතුට වැඩි කාලයක් රැදුනේ නැහැ. ඊට හේතුව තරගය සදහා අසත්‍ය තොරතුරු සැපයීමයි. ඒ හේතුවෙන් තරග සංවිධායකයින් කිරුළ නැවත ලබා ගත්තා. පසුව ප්‍රාදේශීය කිරුළ සහ ජාතික තරගයේ අවසන් වටයට පෙනී සිටීමේ අවස්ථාව 1,975 දෙනෙකුගේ කැමැත්ත ලබා ගෙන දෙවෙනි ස්ථානයට පත් අයිකෙරිම් ටෙමිර්කනොවා හට ලබා දී තිබෙනවා.

ඩයගිලෙෆ් තමන් පුරුෂයෙකු බව හෙළි කළේ තරගයේ අවසන් වටයට තේරී දින දෙකකට පසුවයි. ඇරීනා ඇලියේවා නම් චරිතය සෑදීම “මගේ කණ්ඩායමේ ව්‍යාපෘතියක්” ලෙස ඔහු පවසනවා.

“බොහොමයක් ගෑනු ළමයි හිතන්නේ බාහිර පෙනුම තමයි වැදගත්ම දේ සහ ලස්සන වීම ඉතා අමාරුයි කියල..නමුත් මම මගේ යාලුවොත් එක්ක තර්ක කළා පිරිමියෙකුටත් ලස්සන ගැහැණියෙක් වගේ පෙනී ඉදලා දිනන්න පුළුවන් බව ..මම මෝස්තර නිරූපණ ලෝකයේ ඉන්නේ අවුරුදු 17 ඉඳලා නිරූපණය කරමින් ඡායාරූප නිර්මාණය කළා. මට ඉක්මණින් පෙනුම වෙනස් කර ගන්න පුළුවන්. ඇරීනාගේ රූපය ලබා ගන්න මම ආරාධනා කළේ ඡායාරූප ශිල්පියෙකුට, කොණ්ඩා මෝස්‌තර ශිල්පියෙකුට සහ රූපලාවන්‍ය ශිල්පියෙකුට විතරයි”
“මම පුදුම වුණා මාව අවසන් වටයට තේරුණා කිව්වම ..” ඔහු තවදුරටත් පැවසුවා.