ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වෙද්දි හිටපු ජනාධිපතිවරයාගේ මුහුණු පොතේ ලියැවුණු දේ මෙන්න – Photos

“විජයග්‍රහණය උදෙසා ඇප කැප වී කටයුතු කළ සියළු දෙනාටම බොහොම ස්තුතියි”
“එකාවන්ව සිය ජනමතය ප්‍රකාශ කොට ඇත”

නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්දය ගණන් කිරීම අවසන් වී ඇති නමුත් ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථනය හරහා ලැබී ඇති බවයි.

එහෙත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුව ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් නිල නොලත් ආරංචි මාර්ග සහ සමාජ මාධ්‍ය පවසන්නේ මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටින බවයි.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මුහුණු පොතේ මේ මැතිවරණය සම්බන්ධයෙන් සටහනත් පළකර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකිකයින් උදෙසා එකාවන්ව සිය ජනමතය ප්‍රකාශ කොට ඇති බවත් මෙවර මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ විජයග්‍රහණය මෙම දූෂිත ආණ්ඩුවට විරුද්ධව යළිත් රට ගොඩනැගීම උදෙසා ජනතාව සූදානම් බවට දුන් සහතිකයක් බවයි එම සටහනේ සඳහන් කර තිබෙනවා.

.