ජනපති ඇමතිවරු කොළඹට කැඳවයි….?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නාදහස් පක්ෂ අමාත්‍යවරුන් කොළඹට කැඳවා තිබෙනවා.

ඔවුන් සමග මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විශේෂ සාකච්චඡාවක් පැවැත්වෙනු ඇති.

මේ අතර එම පක්ෂය ලැබූ ජයග්‍රහනය පිළිබදව සිය නිල ගිණුමට සටහනක් එක් කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණේ “ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකිකයින් උදෙසා එකාවන්ව සිය ජනමතය ප්‍රකාශ කොට ඇත.

මෙවර මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ විජයග්‍රහණය මෙම දූෂිත ආණ්ඩුවට විරුද්ධව යළිත් රට ගොඩනැගීම උදෙසා ජනතාව සූදානම් බවට දුන් සහතිකයකි. මෙම විජයග්‍රහණය උදෙසා ඇප කැප වී කටයුතු කළ සියළු දෙනාටම බොහොම ස්තුතියි. කරුණාකර සාමකාමීව මෙම ජයග්‍රහණය සමරන්න. ” යනුවෙනි.

තවද මවුබිමට නව උදෑසනක් ලෙසින් සටහන් තැබූ ඡායාරූපයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබීමද විශේෂත්වයකි.