එජාපයෙන් තීරණාත්මක සාකච්ඡාවක් දැන්..!! අගමැති වෙනස් කර තනි ආණ්ඩුවකට සූදානම්…?

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් ලැබී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබුණා. එසේම මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ නැවතත් නායකත්වයේ අර්බුදයක් හට ගෙන ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කර  සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් ඇති බවද වාර්තා වුනා.

කෙසේ වෙතත් මේ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මේ වන විට තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව  නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා. ඒ අනුව අදාල තීරණය පිළිබඳව අද දිනයේදී බොහෝ දුරට දැනගත හැකි බවයි විශ්වාස කරන්නේ.

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 105ක් සිටින අතර අවශ්‍ය අවස්ථාවන්හිදී  දෙමළ ජාතික සන්ධානයේද සහාය ලබාගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට  ඔවුන්ගේ මතය වී ඇති අතර  එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට තමන් සමගින් එක්වන ලෙස ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එජාපයෙන් ආරාධනා ලැබෙමින් පවතින බවද වාර්තා වෙනවා.