කවුද මේ ප්‍රියා? මොකද්ද මේ වෙන්නේ? – එක රැයෙන් ජනප්‍රිය වූ මලයාලම් ගීතය මෙන්න (VIDEO/PHOTOS)

මේ ගතවෙන්නේ ආදරවන්තයින්ටම වෙනුවුණු සතිය.තවත් දවස් දෙකකින් ලොව පුරා ආදරවන්තයින්ම වෙන් වුණු  ‘වැලන්ටයින්‘ එහෙම නැතිනම් ආදරවන්තයින්ගේ දිනය උදා වනවා.

ඒ අතරේ ඉස්කෝලෙක කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරේ සිද්ධවෙන අපූරු ආදර ජවනිකාවක වීඩියොවක් මේ වන විට ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වල වල කතාබහට ලක්වෙන්න පටන් අරගෙන තියනවා.

මේ විදියට කතාබහ වෙන්න පටන් අරගෙන තියෙන්නේ නවතම මලයාලම් සිනමා නිර්මාණයක් වන ‘ඔරු ආදර් ලව්‘ (Oru Adaar Love) චිත්‍රපටයේ එන ගීතයක්.මේ චිත්‍රපටය ලබන මාර්තු 03වනදා රිලීස් වෙන්න නියමිතයි කියලා තමයි ආරංචිය.

මානික්යා මලරයා පූවි (Manikya Malaraya Poovi ) කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ.

මලයාලම් සිනමාවට නවක මුහුණුක් වන ප්‍රියා ප්‍රකාශ් වැරියර් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.

එම ගීතය පහතින් නරඹන්න.