නුඹ අපට කියා දුන්නෙ ඉමහත් කැපකිරීම් මත ලබාගන්නා පරාජයන් ගැන පාඩමයි…!! අපි තරහා නැ..! ජවිපෙ තිස්ස ගැන සංවේදී සටහනක්..!!

මෙවර මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත,විවිධ සමීක්ෂණ වාර්තා ගෙන ආවත් කිසිවෙකු නොසිතූ ආකාරයේ ඡන්ද ප්‍රතිඵලයක් ජනතාව අතරට පත්වුනා. ආණ්ඩු බලය පවතින ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරාජය කරමින් නව දේශපාලන පක්ෂයක් ලෙස ජනතාව අතරට ආ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශ්ෂඨ ලෙස ජයග්‍රහණය කිරීම එහිදී කැපී පෙනුනා.

එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින්ගේ ආසන පවා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම කැපී පෙනුනා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ බල කණුවක් ලෙස බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ඡන්ද ප්‍රථිපලය අනුව මෙවර එම පක්ෂය තුන්වන තැනට පත්වී තිබීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

අධිෂ්ඨානයේ පුරවරය ලෙසින් හැඳිනුවූ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ පරාජය පිළිබඳව මුහුණු පොතේ සටහන් කල සංවේදී සටහනක් සමාජ ජාලාතුල හුවමාරු වනවා. එම සටහන පහතින්.

‘‘ නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු… අපට හිටපු ලපටි කැකුළු නාමර වස්සා… ආදරණිය තිස්ස ඔබට සුභ ගමන්.. අපි තරහා නැ… නුඹ අපට කියාදුන්නෙ ඉමහත් කැපකිරීම් මත ලබාගන්නා පරාජයන් ගැන පාඩමකි… නමුත් අපි පරාද නැ තිස්ස… ඔබයි ඔබේ ප්‍රදේශයේ ජනතාවයි පරාද… අපි සැමදා නූඹට ආදරෙයි… අධිෂ්ඨානයේ පුරවරය නුඹ ගැන සොයා බලන්නට අපේ සටන් සගයන් තුන් දෙනකු නිරන්තරයෙන් අවදියෙන් තබා අපි ඔබෙන් තාවකාලිකව සමුගන්නවා… නැවත හමුවෙමු… පරිස්සමින් සතුටින් ඉන්න… නූඹට අපිව අවශ්‍යම මොහොතේ අපි නුඹ ලගයි අපේ තිස්ස…..‘‘