පරිසරය රකින්න නිරුවතින් සීතලේ

ප්‍රසිද්ධියේ නිරුවත් වීම සහ නිරුවතින් ප්‍රසිද්ධිය පැතීම යන කාරනා දෙකම පොදුවේ අපි සියලුදෙනා අනුමත කරන දෙයක් නොවෙයි .මොකද කවුරුන් කෙසේ කිවත් නිරුවතින් සමාජ ගත වීම උසස් සමාජය තුල පිළිකුලට හේතුවන් වන නිසා .එහෙත් පසු ගියදා රුසියානු ශිෂ්‍යාවක් විසින් පරිසරය සුරැකීම උදෙසා නිරුවත් වූ පුවතක් ලෝකයම කලබන්නට සමත් වෙලා . 21 හැවිරිදි Liana Klevtsova සදහන් කලේ උත්සව අවස්ථාවන් විසිතුරු කිරීම සදහා ගස් කැපීම අපරාධයක් බවයි.

ගෙවුන නත්තල් සාමය වෙනුවෙන් අධික ශිතලය සහිත සයිබීරියාවේ වනාන්තරයක නිරුවතින් සිටිමින් ඇය සදහන් කලේ ගස් නොකපා සැරසිලි කිරීමෙන් නත්තල සැමරීම වැදගත් බවයි.එමෙන්ම යමෙකුට නිවෙසට නත්තල් ගසක් අවැසි නම් කෘත්‍රිම ගස් යොදා ගත යුතු බවද ඇය සදහන් කළා

.මෙලෙස අධික ශිතලය දරා ගනිමින් නිරුවත් Liana Klevtsova කැලය තුල සිටින චායා රුප මේ වන විට සමාජ ජාලය උණුසුම් කර තිබෙනවා .

Liana Klevtsova මේවන විට මෙවැනි විරෝධතා හේතුවෙන් විශේෂ කතා බහට ලක්වූ කාන්තාවක් .ඇය මිට පෙර අවස්ථාවල ඉන්ධන මිල්ස් ඉහල දැමීම සහ බස් ගාස්තු ඉහල දැමීමට එරෙහිව සිය විරෝධය හුදෙකලාව දක්වා තිබුනා .