මහින්ද ජනපති විය යුතුයි – ඉන්දීය ඇමති‌ගෙන් ආරාධනා

පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන ඉන්දීය හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් ලැයිස්තුගත මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසන්නේ හිටපු ජනපතිවරයා ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවේ ජනපති විය යුතු බවයි.

එසේම හිටපු ජනපතිවරයා නැවතත් ශක්තිමත්ව ශ්‍රී ලංකා දේශපාලනයට පැමිණීමට ඇසීමට ලැබිම හොඳ දෙයක් බවත් ඔහු පවවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ශ්‍රී ලංකාවේ ජනපති ධුරයකට පත්විය නොහැක.

Capture

01 swamy copy