මහින්ද තමයි අපේ අප්පච්චී හැමදාමත් – විජිත් විජයමුණි සොයිසා

අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සංවිධායක ධුරය දරන බිබිල ආසනයද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් වුණා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා නෙත් නිවුස් වෙත පළ කළේ මෙවන් ප‍්‍රතිචාරයක්.

“දැන් ඔය ගැන කතා කරලා වැඩක් නෑ. පක්ෂයක් විදිහට ප්‍රකාශ නිකුත් කරන්න කාලයක් එයි.. එතකොට ප්‍රකාශයක් දෙන්නම්. ඒ ජයග්‍රහණයට..ජනමතයට හිස නමනවා. ඒකට ආචාර කරනවා..ඒකට ගෞරව කරනවා. ඒ වගේම ඒකට සුභ පතනවා.”

මේ අතර ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු රැසකගේ ආසනද  පරාජයට පත් වුණා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ආසන සංවිධායක ධූරය දරණ අත්තනගල්ල ආසනයද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වුණා.

අමාත්‍ය මහින්ද අමරවීර සංවිධායක ධූරය දරණ තංගල්ල ආසනයද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්ව තිබෙනවා.

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සංවිධායක ධූරය දරණ කලාවැව ආසනය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වීම විශේෂත්වයක්.

අමාත්‍ය එස්. බී. දිසානායක සංවිධායක ධූරය දරණ පහතහේවාහැට ආසනයද එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වුණා.

අමාත්‍ය මහින්ද සමරසිංහ සංවිධායක ධූරය දරණ පානදුර ආසනය මෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා නියෝජනය කරන හක්මන ආසනයද එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්ව තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු රැසක් ද මෙවර පළාත් පාලන ඡන්ද විමසිමේදී සිය ආසන පරාජයට පත්වීම විශේෂත්වයක්.

එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සංවිධායක ධූරය දරණ තිස්සමහාරාම ආසනය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්ව තිබෙනවා.

මංගල සමරවීර අමාත්‍යවරයා සංවිධායක ධූරය දරණ මාතර ආසනයද එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුණා.

අමාත්‍ය රාජිත සේනාරත්න නියෝජනය කරන බේරුවල ආසනය ජය ගැනීමටද එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබී නැහැ.

අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නියෝජනය කරන කැලණිය ආසනයද එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුණා.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සංවිධායක ධූරය දරණ කෝට්ටේ ආසනය සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සංවිධායක ධුරය දරණ කඩුවෙල ආසනයද එක්සත් ජාතික පක්ෂය මෙවර පරාජය වී තිබෙනවා.

අමාත්‍ය පී හැරිසන් සංවිධායක ධුරය දරණ අනුරාධපුර බටහිර ආසනයද ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවී නැහැ.