එජාප නායකත්වය සජිත් ට , අගමැතිකම කරු ට – මැතිවරණ පරාජයෙන් පසු එජාපය මුලුමනින්ම වෙනස් වෙයි ?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමත් සමගම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම්ව තිබේ. මේ අතර තමන් අපේක්ෂා නොකල පරාජයක් ලැබු එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූවහාත්මක වෙනස්කම් රැසක් කිරීමට යෝජනා වී තිබෙනවා.

මේ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස් වී , ඒ වෙනුවට කතානායක කරු ජයසූරිය අගමැති ලෙස පත් කිරීමටද යෝජනා වී තිබෙනවා. තවද පක්ෂයේ නායකත්වයෙන්ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කර , පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබා දීමටද යෝජිතයි. මෙම යෝජනා වලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකත්වය හිමි වනු ඇති.

තවද පක්ෂයේ  නියෝජ්‍ය නායකත්වය නවීන් දිසානායකටත් , පක්ෂ මහ ලේකම් තනතුර ඉමීතියාස් බාකීර්ටද ජාතික සංවිධායක ධූරය හරීන් ප්‍රනාන්දුට ලබා දීමටත් යෝජීතයි.