යහපාලන ආණ්ඩුව අවසන් – පොහොට්ටුවටද? ස්වාධීනද? – ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න..!

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිනතුරු ආණ්ඩුවට සම්බන්ධ නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තිරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුවේ දැරූ තනතුරුවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර යහපාලන ආණ්ඩුවේ කටයුතුද ඒ සමග අවසන් වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවනි ශ්‍රීලනිප ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

එසේ වුවහොත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය වශයෙන් එජාපය පමණක් කටයුතු කරනු ඇත.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝ වශයෙන් ඊයේ (13දා) සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන්නේ නම් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ ඊයේ (13දා) සවස රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩාය් රැස්වීමේදී හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධව සාකච්ඡා කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක් ගැන සාකච්ඡා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව එන්නේ නම් සාකච්ඡා කරන්න සූදානම් කිය ස්ථාවරයේ අපි මුල සිටම සිටියා. ඒ අය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙනවම් අපට ඊට පස්සේ කරන්න තියෙන දේවල් කතා කරන්න පුළුවන්. මුලික කොන්දේසිය තමයි ආණ්ඩුවෙන් ඉවත්වීම.”