දෙදෙනෙකු තෝරන්න ? ඔබගේ ආදර සම්බන්ධතාව ගැන අපි කියන්නම්

haptics ගැන මීට කලින් අහලා තියෙනවාද? හරි අපි කියන්නම්කෝ,  haptics කියන්නේ අවාචික ( වචන වලින් තොර) සන්නිවේදන ක්‍රමයක් . උදාහරණයක් විදියට ස්පර්ශයෙන් වගේ. ඉතින් මේ haptics ගැන මනෝ විද්‍යාඥයන් පර්යේෂණ විශාල වශයෙන් සිදු කරලා තියෙනවා. විශ්වාස කරන්න පුළුවන්ද මෙමගින්  යුවලකගේ සම්බන්ධතාවක් ගැන කියන්න පුළුවන් කියලා. සරලවම කිව්වොත් යුවලක් ඇවිදින විදියෙන් පවා ඔවුන්ගේ සම්බන්ධතාව ගැන කිමේ හැකියාව තියෙනවා.මෙතනදි අපි බලන්නේ ඔබ තමන් ආදරේ කරන කෙනා සමග හැසිරෙන්නේ කොහොමද කියලා.

අපි පොඩි පරික්ෂණයක් කරලා බලමු. ඔබ ප්‍රීතිමත් යුවලක් නම් ඔබට පුළුවන් මේ පරීක්ෂණයට සහභාගි වෙන්න. නැත්නම් අපි ඔබ දන්නා වෙනත් යුවලක් මීට සහභාගි කරගමු. ඔන්න පටන් ගන්නයි යන්නේ.කරන්න තියෙන්නේ මෙච්චරයි,පහතින් අපි දක්වලා තියෙන රූප සටහන් වලින් ඔබ හිතන විදිහට මෙතන සතුටින්ම ඉන්න දෙන්නා කවුද කියලා ඔබ තෝරන්න.. අපි කියන්නම් ඔබේ ආදර සම්බන්දය ගැන පොඩි දේවල් ටිකක් ඊට පස්සෙ..

1.ඔබ තෝරා ගත් යුවලේ කාන්තාව , තමන්ගේ සහකරු ගැන ආඩම්බරයි සහ ඇයට ලෝකයට ඒ ගැන කීමට අවශ්‍යයි, ඇය නිදහස් කාන්තාවක් . ඒ වගේම ඇය තමන් ගැන සැළකිලිමත් . ඒ වගේම ඇයට සමාජය දකින ආකරය ගැන ප්‍රශ්නයක් නෑ. පිරිමියා ඉහල කැපවීමක් පෙන්වන කෙනෙක්. ඒ වගේම ඒ සම්බන්ධතාව ඔහුට වටිනවා. එහි පැවැත්ම වෙනුවෙන් ඔහු කැපවෙනවා. ඔබ මෙම යුවල තෝරාගත්තා නම් ඔබ කලයුතු හොඳම දේ තමයි එකිනෙකාට විවෘත වීම.එයින් ඔබගේ ආදර සම්බන්දය හොඳ තැනකට ගෙන යන්න පුලුවන්

2. අහලා තියෙනවාද කතාවක් සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම සාර්ථක කාන්තාවක් ඉන්නවා කියලා. මෙන්න මේ යුවල ඊට හොඳම උදාහරණයක්. මේ කාන්තාව කිසිවිටෙක තමන්ගේ සහකරුවා මානසිකව, කායිකව ඇද වැටෙනවාට කැමති නෑ. ඇය සැම විටම ඔහුට නිරවුල් මනසකින් තමන්ගේ කටයුතු කරගැනීමට උදව්වක් වෙනවා. මේ උදව්වත් එක්ක ඔහුට පුළුවන් ලේසියෙන්ම ජයග්‍රහණය කරා යන්න.ඔබ මේ රූපය තෝරා ගත්තා නම් , එ වගේම ඔබ පිරිමියා නම් ඇත්තටම ඔබ වාසනාවන්තයි.ඔබට ඇයගේ උදව් සමග ලොකූ දුරක් යන්න පුලුවන්

3.මෙතනදි පිරිමියා තමයි ස්භාවයෙන්ම පාලකයා වෙන්නේ. සම්බන්ධතාවේදි විය යුතු දේවල් පාලනය කරන්නේත් ඔහුම තමයි. ඉතින් මෙතනදි සහාකාරිය හරිම සාමකාමී හා නිහඬ චරිතයක්. එමගින් ඔවුන් තමන්ගේ සම්බන්ධතාවේ සමබරතාව ආරක්ෂා කර ගන්නවා.ඔබ පිරිමියා නම් මේ ගමන ඔබ යන්න.ඔබ ශක්තිමත් කෙනෙක්.ඔබ ගැහැණිය නම් ඔබ , ඔහුව විශ්වාස කරන්න. ඔබේ ඉවසිලිමත්කම නිසා ඔබට ඔබේ සම්බන්දය සමබර කරගෙන යන්න පුලුවන්

4.මෙන්න මේ විශ්වාසනීය වැළද ගැනීම පෙන්වන යුවලක් නම්, මෙතනදි පිරිමියාට තමන්ගේ සහකාරිය ආරක්ෂා කර ගැනීමේ ලොකු වගකීමක් හා අවශ්‍යතාවක් තියෙනවා. ඒ වගේම නිතරම ඔහු තමන්ගේ සහකාරියට ඇයගේ සියලු උත්සහයන් සදහා  උදව් කරනවා . එකිනෙකාට ගරු කිරීම හා සීමා රහිත විශ්වාසය මේ සම්බන්ධතායේ පැවත්ම තහවුරු කරනවා.මතක තියාගන්න ඔබේ සම්බන්දයේ ලොකුම ශක්තිය දෙදෙනා අතර ඇති විශ්වාසයයි

5.මේ යුවලගේ නම් තියෙන්නේ හරි අපුරු සංහිඳියාවක්. මේ දෙන්නා එකිනෙකා සමග ඉද්දි හරිම සතුටින් කාලය ගත කරනවා. විශේෂයෙන්ම මේ යුවල එකිනෙකා සමග ගත කරන මිනිත්තුවකදි පවා හරිම සතුටින් විනෝදයෙන් තමයි කල් ගෙවන්නේ.ඇත්තටම ඔබලා දෙදෙනාට කියන්න දෙයක් නැති තරම්. දෙන්නා එකට ඉන්න විට ඇත්තටම සතුට ගලායාවි

6.මේ යුවල නම් ප්‍රසිද්දියේ තමන්ගේ හැඟීම් පෙන්වන්න කැමති නෑ. මේ යුවල එකිනෙකාගේ අදහස් තීරන වලට නිතරම ගරු කරනවා. සමාජ ජාලා වල ප්‍රසිද්දියේ ආදරය නොකරත්, ඉතා දැඩිව ප්‍රේම කරන හරිම ප්‍රේමාන්විත යුවලක් තමයි මේ.සමාජය ඉදිරියේ කැපී නොපෙනුනත් ඔබලාගේ සම්බන්දයත් ගොඩක් ශක්තිමත් එකක් හොඳට ඒ බව මතක තියා ගන්න.

7.අනිවාර්යයෙන්ම මේ දෙන්නාට නම් හරිම ආදරණිය සෙල්ෆි ඡායාරූප රාශියක් ඇති. ඒ විතරක් නෙවේ මේ යුවල හරිම කැමතියි ප්‍රසිද්දියේ ආදරය කරන්න. ඔබේ මිතුරන් අතර නම් ඔබ දෙන්නා හරි ලස්සන කපල් එකක් කියලා අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ ඇති. ඔබ දෙන්නා එකිනෙකා අසල ඉන්නකොට කවදාවත් එකාකාරී බවක් නම් දැනෙන එකක් නෑ.ඔබලා දෙදෙනාට සුභ පතනවා.හැමදාම සතුටින් ඉන්න

ආදරය කියන්නේ හරි ලස්සන දෙයක් නේ. ඉතින් මේ ගැන ඔබේ අදහස් අපිටත් කියන්නකෝ.කැමති නම් ඉතින් මේක පිස්සුවක්නෙ කියලා අපිට බැනලා යන්න…

ඔන්න මම ගානේ ලස්සන සින්දුවක් ඔයාලට.කැමතිනම් අහන්න