එජාපය බේරන සටන රන්ජන් අවසන් මොහොතෙත් අත් නොහරී ..!

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (16දා) පෙරවරුවේ පැවැත්වී ඇත. මෙහිදි එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රන්ජන් රාමනායක මහතා තවදුරටත් උත්සාහ ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ මෙහිදී ජනපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්කරගෙන සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් දැන් ජනපතිවරයා හමුවීමට නිළ නිවසට ගොස් ඇතැයි වාර්තාවේ.සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට මේ වන විට දේපාර්ශවයේම එකඟතාවක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.