ඇමති නිමල් අගමැති කරන්න ජනපති කැමති වෙයි..!! දහනවයේ බලය ගැන ජනපති සොයා බලයි..!!

මෙරට අගමැති ධූරය පිළිබඳව මේ දිනවල පවතින්නේ ආන්දෝලනාත්මක කතාබහක්. කෙසේ වෙතත් ඊ්යේ (16) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් දිගටම අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බවට විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණද   ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල සිල්වා අගමැති ධුරය දරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මූලික වූ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් පිරිසක්‌ ඊයේ (16 වැනිදා) කළ ඉල්ලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනූව 19 වැනි සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබඳව නීතිපති හා නීති විශාරදයන්ගෙන් උපදෙස්‌ ලබාගන්නා බව ජනාධිපතිවරයා දැනුම් දුන් බවද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු  සඳහන් සඳහන් කරනවා.

මෙම සිදුවීම් අතරතුරේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් අතරද ඊයේ (16) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වුනා. ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී. එහිදී  වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්‌සත් ජාතික පක්‍ෂය ඉවත්කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මූලිකව පිහිටුවන රජයක්‌ සඳහා කොන්දේසි සහිතව සහ තනතුරු භාර ගැනීමකින් තොරව විපක්‍ෂයේ සිටිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දැක්‌වීමට එහිදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් ස්‌ථාවරයකට පැමිණ තිබෙනවා.

එම සාකච්ඡාවෙන් පසුව ඊයේ (16 ) පෙරවරු 11.00 ට පමණ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් පිරිසක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදීද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී  ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අගමැති ධුරය දරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මූලික වූ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළකර තිබෙනවා.