ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි ලංකාවට ආවේ දේශපාලන හිතවතෙකුගේ වැඩකටද..? (PHOTO) (VIDEO)

බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද ජනප්‍රිය හින්දි නිළියක් වන ශිල්පා ෂෙට්ටි මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටිනවා.ඒ අනුව ඊයේ (19) දිනයේදී ඇය මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා මහේළ ජයවර්ධනට අයත් Minstry Of Cab අවන්හලටද ගොස් ඇති අතර එහි ප්‍රධාන සුපවේදියා හමුවී ඡායාරූපයක්ද ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ශිල්පා ෂෙට්ටි මෙරට ප්‍රසිද්ධ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකුගේ ඇරයුමකට මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන අතර ඔහුගේ ඥාතීයෙකු විසින් නිර්මාණය කරනු ලබන වීඩියෝ දර්ශනයක් සඳහා දායක වීමට ශිල්පා ෂෙට්ටි දිවයිනට පැමිණ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.