සුපිරි ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා සැලසුම් ගැන ඇසූ පැනයට චන්දිමාල් දුන් අපුරු පිළිතුර මෙන්න

හැම ක්‍රීඩකයෙක් ගැනම අපි දන්නවා

ශ්‍රී ලංකා- බංගලදේශ විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුනේ දෙවන තරගය ලකුණු 75කින් ජයගැනීමත් සමගයි.

මේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තරගාවලි තුනම ජයගැනීම ගැන මෙසේ අදහස් පලකලා.

“අපි ගොඩක් මහන්සි වුන එකේ ප්‍රථිපලයක් තමයි මේ ජයග්‍රහණය, ක්‍රීඩකයෝ, පුහුණුකරුවෝ ගොඩක් මහන්සි වුනා මේ ජයග්‍රහණය අත් කරගන්න.

බංග්ලාදේශය කියන්නේ ඕනෑම කණ්ඩායමකට අභියෝග කරන්න පුළුවන් කණ්ඩායමක්, ඕනෑම කණ්ඩායමකට මේ තත්වය උදාවන්න පුළුවන්, කොහම වුනත් බංග්ලාදේශය කණ්ඩායම පසුගිය කාලයේදී හොදින් දක්ෂතා දැක්වුවා.

අපිත් බොහොම නරක කාලයක් පසු කළා, එක තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ.”

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරන්නට යෙදු සැලසුම් ගැන බංග්ලාදේශ මාධ්‍යවේදියකු චන්දිමාල්ගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

“ඇත්තටම අපේ සැලසුම් ගැන ඔබත් එක්ක කියන්න මට බෑ, ඔව් අපිට හැම ක්‍රීඩකයෙක් ගැනම සැලැස්මක් තිබ්බා.”