මල්ලි කෙනෙක්ට ආදරය කිරීමෙන් අක්කලාට ලැබෙන වාසි !

අද සමාජයේ වැඩියෙන්ම කතා වෙන දෙයක් තමයි අක්කලා සහා මල්ලිලා කියන්නේ. ඒක නිකම්ම නිකක් රැල්ලක් කියලායි හැමෝම හිතාගෙන ඉන්නේ.

එහෙත් ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුනොත් වැඩියෙන්ම වාසි තියෙන්නේ පිරිමි කෙනාටද ? නැත්නම් ගැහැණු කෙනාටද ? ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ දෙන්නාටම මේකෙන් වෙන්නේ අවාසියක් විතරයි කියලායි.

එහෙත් තමංට වඩා වයසින් අඩු ආදරවන්තයෙකුව තෝරා ගැනීමෙන් ගැහැණු ළමයෙකුට තියෙන වාසි මොනාද කියලා මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.

වැඩියෙන්ම වාසි ලැබෙන්නේ ගැහැණු ළමයාටයි.

තමංට වඩා වයසින් වැඩි කෙනෙකු සමග විවාහ වනවාට වඩා වයසින් බාල කෙනෙකුතෝරා ගැනීම බෙහෙවින් වාසිදායක වේ. වයසින් වැඩි පුද්ගලයන්ට කාලයක් ගිය පසු තම රැකියාව ආදී විවිධ හේතූන් නිසා ආදරය කිරීම අමතක වී යනු ඇත. ඉතින් වයසින් බාල කෙනෙකු සමග සිටීමේදී එසේ ප්‍රශ්නයක් එන්නේ නැත.

ඔවුන් ඔබ වෙනුවෙන් ඕනෑම අවස්ථාවකදී පෙනී සිටියි.

වයසින් බාල යෞවනයන් යනු පුදුම කිරීමට අති දක්ෂයෝ වේ. ඔවුන් තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් හා ආදරයෙන් බැදුනු විට, ඇයව සෑම විටම පුදුම කිරීමට බලයි. ඔවුන් ඔබ සමග ඉතා බුද්ධිමත් අයුරින් කටයුතු කරයි.

ඔවුන් අනෙක් පිරිමින්ට වඩා ශක්තිසම්පන්න වේ.

වයස අවුරුදු 30 ට වඩා වැඩි පිරිමි අයට වඩා වයසින් බාල අය ශක්තිසම්පන්න බවින් වැඩිය. ඔවුන් ඔබ හා සමග කුමන හෝ කාර්‍යයක් සිදු කරන විට වෙහෙසට පත් වන්නේ නැත. උදාහරණයක් විදිහට හිතන්න දෙන්නා නැටුමක් නටන්න යනවා කියලා. එවැනි අවස්ථාවක ඔවුන් වැඩි වශයෙන් ක්‍රියාශීලී වේ.

ඔවුන් කිසි විටක සංකීර්ණ නැත.

වවයස අවුරුදු 30 ට වැඩි පිරිමි කෙනෙකු නම් , නැතහොත් ඔබට වඩා වයසින් වැඩි පිරිමි කෙනෙක් නම් ඔහුට ජීවිතයේ විවිධ අත්දැකීම් ඇත.නමුත් ඒ අත්දැකීම් නිසාම ඔහු පීඩාවට පත්ව සිටිනවාද විය හැකිය.උදාහරණයක් වශයෙන් දිගු කාලයක් පැවති සම්බන්ධතාවයක් නිසා ඔවුන් පීඩා විදිනවාද විය හැකිය.නමුත් තරුණ පිරිමි ළමයින්ට එහෙම අත්දැකීම් අඩු නිසා ඔවුන් සැහැල්ලුවෙන් සිටී.

ඔවුන් අලුත් අත්හදා බැලීම් කිරීමට සෑම විටම පෙළබෙයි.

ඔවුන් ආදරය කිරීමේදී, ලිංගික කටයුතු වලදි විවිධ අලුත් අත්හදා බැලිම් කිරීමට සෑම විටම උත්සාහා දරයි. නමුත් තමංටවඩා ගොඩක් වැඩිමහල් කෙනෙකු නම් ඔවුන්ට ඒවාට කාලයක් නැත. ඔවුන්ට තිබෙන්නේ වෙනත් ප්‍රශ්නයන් වේ. එම නිසා තමංගේ ජීවිතයද එකාකාරී විය හැකිය.

ඔවුන් ඔබව අගය කරති. ඔබට ගරු කරති.

ඔබට ඔහුව වයසින් බාල වූවත් ඔහුට ඔබව වයසින් වැඩිමල් ය. මොන දේ සිද්ධ වුනත් ඔවුන්ගේ සිතේ ඒ දේ පවතී. එම නිසා ඔවුන් ඔබට අගෞරව කරන්නේ නැත. සෑම විටම ඔබව අගය කරයි. ඔබට ගරු කරයි.

ඔවුන් ඔබවත් තරුණ කරයි.

ඔබ ඔබට වඩා තරුණ පිරිමි ළමයෙකු සමග සිටින විට හැඩ ගැසෙන්නේ ඔහු හැසිරෙන විදිහටම හැසිරීමටයි. එම නිසා ඔබද තරුණ කෙනෙක් මෙන් හැසිරීමට ඉබේම පටන් ගනී.

ඔබට ඔහුව විශ්වාස නම් ඔහුව තෝරාගන්න.

ඔහු අනාගතයේදී වෙනස් වන්නේ නැහැ යයි ඔබට හොදටම විශ්වාස නම් ඔහුව තෝරා ගැනීම ඉතා හොද දෙයකි. පාරම්පරික සාම්ප්‍රදායික මත එවිට අදාල වන්නේ නැත. අදාල වන එකම දෙය වන්නේ දෙදෙනාගේ සැබෑ ආදරයයි.