“මෙක්සිකෝවේ අලිගැට පේර පොලීසිය” ගැන දන්නවාද

අලුත්ම තාලේ පොලිසියක් ගැන අසන්නට ලැබුණේ මෙක්සිකෝවෙනි. එම පොලිසිය හඳුන්වන්නේ ඇවකාඩෝ පොලිසිය නමිනි. ඇවකාඩෝ යනු අලිගැටපේර ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ආකාරයයි. අලිගැටපේර නම ගැනද කතාවක් තිබේ. ඇතැම් රටවල අලිගැටපේර හඳුන්වන්නේ ඇලිගේටර් පෘට්ස් යනුවෙනි.

සිංහල භාෂාවේ අලිගැටපේර යන්න එම වචනයෙන් බිඳී එන්නට ඇතැයිද සැලකේ.Image result for avocado police

මෙක්සිකෝව මත්කුඩු ජාවාරම්කරුවන්ගේ නිජබිමක් වශයෙන් සැලකෙන අතර ලෝකයේ අන්තරායදායක භූමි ප්‍රදේශයක් වශයෙන් ප්‍රකටව ඇත්තේ මත්ද්‍රව්‍ය මාෆියාව නිසයි.

උතුරු ඇමෙරිකාවේ විශාල භූමි ප්‍රදේශයකට හිමිකම් කියන මෙක්සිකෝවේ ජනගහනය කෝටි 120කි. ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාවය. එරට ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ අලිගැටපේර වගාවයි.Image result for avocado police

ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව යන රාජ්‍යයන් දෙකම විශාල වශයෙන් අලිගැටපේර පරිභෝජනය කරති. පලතුරු, බටර් වැනි තැවරුමක් ලෙස, සලාද, පලතුරු බීම ආදී ක්‍රම ගණනාවකට අලිගැටපේර විශාල ප්‍රමාණයක් එම දෙරටේ මිනිස්සු දිනකදී පරිභෝජනයට ගනිති.

දෙරටේම ප්‍රධාන අලිගැටපේර සැපයුම්කරුවා වන්නේ මෙක්සිකෝවය. මෙක්සිකෝවේ හෙක්ටයාර් සිය ගණන්වලින් යුත් අලිපේර වගාවන් තිබේ. ඒවා පෞද්ගලික වගාකරුවන් සතුය.

කොකේන් වගා කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැරුණු විට මෙක්සිකෝවේ නීත්‍යනුකූලව මහා පරිමාණයෙන් සිදු කෙරෙන වගාව වන්නේ අලිපේරය. එම ගොවිපොළ හිමියෝ ඉන් විශාල ආදායම් ලබති.Image result for avocado police

මෑතකදී මෙක්සිකෝව මුහුණ දුන් බරපතළ ප්‍රශ්නය වූයේ මත්ද්‍රව්‍ය මාෆියාවට සම්බන්ධ අපරාධකරුවෝ අලිපේර වගා කරන ධනවතුන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීමය.

ඩොලර් දහස් ගණනක කප්පම් ගෙවා පැමිණෙන වගාකරුවා ඊළඟ මාසයේදී නැවතත් පැහැර ගනී. ඔහු එවරද කප්පම් ගෙවා නිදහස් වියයුතුය. ඇතැම් විට වගාවට කඩා වදින මාෆියාකාරයෝ අස්වැන්න බලෙන් නෙළා ගනිති.

තවත් විටෙක අස්වැන්න නෙළා කන්ටේනරයට පැටවූ විට මඟ රැක කන්ටේනරයම පැහැර ගනිති.

මේ තත්ත්වයට මුහුණ දීමට මෙක්සිකෝවේ අලිපේර වගාකරුවෝ අලුත් විසඳුමක් සොයා ගත්හ. සංවිධානයක් පිහිටුවා ගත් ඔවුහු ඇවකාඩෝ පොලිසියක් පිහිටුවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියෝය.

රජය ඊට එකඟවිය. දැන් අලිපේර වගාවට පැය 24 ආරක්ෂාව ලැබේ. දැන් ඇවකාඩෝ වගා බිම්වලට අපරාධකරුවන්ගෙන් බාධාවක් නැත. ‘ඇවකාඩෝ පොලිසිය’ නඩත්තු කරන්නේ වගාකරුවන් විසිනි.

ඇතැම් වගාකරුවන්ට දවස පුරා පොලිස් ආරක්ෂාව ලැබේ. ඇවකාඩෝ පොලිසියේ පරීක්ෂා කිරීමෙන් තොරව අලිපේර වගා කරන ප්‍රදේශවලට කිසිවකුට ඇතුළු විය නොහැකිය. ඇතැම් වගාකරුවන්ගේ පෞද්ගලික ආරක්ෂාවටද ඇවකාඩෝ පොලිස් නිලධාරීන් යොදවා තිබේ.

ලෝකයේ සාමාන්‍ය අලිපේර නිෂ්පාදනයෙන් 45%ක් ලබා දෙන්නේ මෙක්සිකෝව විසිනි. මෙක්සිකෝවේ ටැන්සිටාරෝ ප්‍රාන්තයේ පමණක් සිටින අලිපේර වගාකරුවන්ගේ ප්‍රමාණය 3,00,000කි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට පමණක් ඉකුත් 2016 වසරේ මෙක්සිකෝව අලිපේර මිලියන 2ක් අපනයනය කර තිබේ.