චීනය ෆේස්බුක් පාලනය කරපු හැටි ශ්‍රී ලංකාවේ අධ්‍යනයට ” ෆේස්බුක් පාලනයට රජයෙන් ක්‍රියාමාර්ග රැසක් .!

ජාතිවාදී ස්වරූපයෙන් ඇතිවන කෝලාහලවලදී සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීම සඳහා ජර්මනිය, පිලිපීනය අනුගමනය කරන තාක්ෂණ උපක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්හට පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඊට අමතරව චීනය විසින් සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීමට ගන්නා ලද සැලසුම් පිළිබඳව රජය එරටින් උපදෙස් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට චීන රජය එකඟතාවය පළකර තිබේ. ඒ අනුව දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස චීනය විසින් සමාජ ජාල පාලනය සඳහා ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමටද රජය සැලසුම් කර ඇත.

මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක හටගත් කලබලකාරී තත්ත්වයන් සමනය වූ විගස ෆේස් බුක්, වට්ස්ඇප් සහ වයිබර් යන සමාජ මාධ්‍ය ජාලවලට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන අතර ඉන්පසු ෆේස්බුක් ඇතුලු සමාජජාලා නියාමනයක් සිදු කිරීමටද සැලසුම් කර තිබේ