රටක් හඳුනාගත් චිත්‍ර ශිල්පියා බිරිඳ ඝාතනය කරයි – ළිඳට පැන සියදිවි නසාගන්නත් හදලා (PHOTOS)

වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙකු විසින් කල දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 27 හැවිරිදි ඔහුගේ බිරිඳ බව පොලීසිය සඳහන් කරයි.

24 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු හා මිය කාන්තාව පසුගිය ජනවාරි මසදී විවාහ වී ඇති බව සඳහන්.

විවාහ වූ දිනයේ සිට මොවුන් දෙදෙනා අතර නිතරම ගැටුම් ඇතිවී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (02) මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිවී අතර එහිදී කෝපයට පත්වූ සැකකරු බිරිඳට කායවර්ධන උපකරණයකින් පහර දී තිබේ.

පසුව බරපතළ තුවාල ලැබූ කාන්තාව මියගොස් ඇති අතර, සැකකරු නිවස ආසන්නයේ පිහිට ඇති ලිඳකට පැන සිය දිවි නසාගන්නට උත්සහ කර ඇත.නමුත් ගම්වාසීන් පැමිණ ඔහුව බේරාගෙන තිබේ

සිය නිර්මාණ හැකියාව ඔස්සේ සමාජ ජාල වෙබ් අඩවි වලද ජනප්‍රිය පුද්ගලයෙකු වූ මෙම චිත්‍ර ශිල්පියා ප්‍රවීණ කලාකරුවන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේ බොහෝ ඡායාරූප චිත්‍රයට නගා තිබේ.

 

 

ඔහුගේ නිර්මාණ කිහිපයක්..