කෝච්චි ටිකට් එක ගැන අපි නොදැන සිටි අමුතුම රහස් මෙන්න.

අපි නිතරම භාවිතා කරන පොදු ප්‍රවාහන සේවයක් තමයි දුම්රිය කියන්නේ. දුම්රියේ ගමන් කරන්න නම් අපි අනිවාර්යයෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න ඕනේ. සරලවම කියනවනම් කෝච්චි ටිකට් එකක්.

මේ කෝච්චි ටිකට් එක පොඩි දෙයක් වුනාට ඒ ගැන අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ කෝච්චි ටිකට් ගැන ඔබ නොදන්න දේවල් කිහිපයක් ගැනයි.

1840 වර්ෂයේ දී පළමු වරට මෙම ටිකට් පත් ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ තෝමස් එඩ්මන්සන් මහතා විසිනි. ඔහු එංගලන්තයේ දුම්රිය පලක ස්ථානාධිපතිවරයෙක් ලෙස සේවය කල අයෙක්. ඊට පෙර භාවිතා කල තිබුණේ අතින් ලියා දෙන ටිකට් පත් ක්‍රමවේදයක්.

1842 සිට මෙම ක්‍රමට ස්ථාවර ක්‍රමයක් බවට පත්වෙලා තිබෙනවා.

නමුත් 1990 දී මෙම ක්‍රමය බ්‍රිතාන්‍යයෙන් ගිලිහී ගොස් ඇත. 1995 දක්වා මෙම ක්‍රමය යුරෝපීය රටවල්වලත් 2007 දක්වා ස්විට්සර්ලන්තයේත් භාවිතා කල තිබුණා.

නමුත් අද වන විටත් මෙම ක්‍රමය අපේ රටේ භාවිතා වෙමින් පවතිනවා. ඒ අතරම ඉන්දියාවේ හා ජපානයේ සමහර ප්‍රදේශයන්හි දුම්රිය පොළවල් හි මෙම ක්‍රමය භාවිතා වෙමින් පවතී.

කෝච්චි ටිකට් පත් මුද්‍රණය කරන විශේෂ කාඩ් වර්ගය ආනයනය කරන්නේ නෙදර්ලන්තයෙන්. නමුත් මුද්‍රණය කිරිම සිදුවන්නේ ලංකාවේදීමයි.

මෙහි ඇති විශේෂම කරුණ වන්නේ මෙම ටිකට් පත් සාදා තිබෙන්නේ දුම්රියක් තුල අතහැරුනොත් සුළඟේ පාවී නොවී එකම ස්ථානයක පතිත වන ආකාරයටයි.

– උපුටා ගැනීම අන්තර්ජාලයෙන් –