ජීව විද්‍යාත්මක අවි

Image result for Biological weapons

ජීව විද්‍යාත්මක අවි නිර්මාණය කරනු ලබන්නේ වයිරස් හෝ රෝගකාරක විෂබීජ යොදා ගනිමිනුයි. ජීව විද්‍යාත්මක අවි මගින් වරකට මිලියන ගණනක් වූ ජනතාවකට බලපෑම් කළ හැකියි. මෙහි ඇති භයානක බව වන්නේ එය මුදාහැරීමෙන් පසු පාලනය කළ නොහැකි වීමයි. ආයුධය ඉලක්කගත කළ කලාපයට පමණක් එය සීමා වන්නේ නෑ.

ලෝකයේ මුළු මහත් ජන සංහතියම වූවත් මෙම ආයුධ මගින් විනාශ කර දැමිමේ හැකියාවක් පවතිනවා. තවද මෙම ආයුධ භාවිත කළ පසු එයින් බලපෑමක් වීමට ඇති වියහැකියාව අනෙක් ආයුධ වලට වඩා ඉහළයි. ජීව විද්‍යාත්මක අවි වලට උදාහරණ ලෙස ඇන්ත්‍රැක්ස් ගව වසූරිය, ටියුලරිමියා කෘන්තකයින් ගෙන් බෝවන, මහාමාරිය, හා එබෝලා යි.

රසායනික අවි

Image result for Chemical weapons

රසායනික අවි නිර්මාණය කරනු ලබන්නේ මාරාන්තික රසායනික ද්‍රව්‍ය යොදා ගෙනයි. මේවා ක්‍රම 4කට බලපෑම් කරන ලෙස නිපදවන්නට පුළුවන්. පළමුවැනි ක්‍රමය වන්නේ සම මත බලපෑම් වන ලෙස ක්‍රියාත්මක වීමට නිර්මාණය කිරීමයි.

රුධීර සංසරණ පද්ධතියට බලපෑම් කරන ලෙස රසායනික අවි නිර්මාණය තවත් ක්‍රමයක්. අනෙක් ක්‍රම දෙක වන්නේ ස්නායු පද්ධතියට හෝ ශ්වසනයට බලපෑම් කරන රසායනික අවි නිර්මාණයයි. රසායනික අවි වලින් නිකුත් කරන කුඩා විෂ ප්‍රමාණයකට දරුණු බලපෑමක් කළ හැකියි.

ඉහත ජීව විද්‍යාත්මක අවි වල මෙන්ම, මෙම රසායනික විෂත් වායුගෝලයට මුදාහැරීමෙන් පසු පාලනය කිරීම ඉතාම අසීරුයි. එය රසායනික විෂක් ලෙස හඳුනාගනු ලැබුවත්, එම විෂ වායුගෝලයෙන් ඉවත් කිරීම ඉතාමත් අසීරු කටයුත්තක් වනවා මෙන්ම, එයට විශාල කාලයක්, මුදලක්, හා උත්සහයක් දැරිය යුතු වෙනවා. සමූල ඝාතනයකට පහසුම අවිය ලෙස මෙය හැඳින්විය හැකියි.

මේවාට උදාහරණ ලෙස මස්ටර්ඩ් වායුව, රයිසින් එඩරු ඇට වල ස්වාභාවිකව පවතින විෂක්, ලුවිසයිට් (lewisite) හඳුන්වා දිය හැකියි. නමුත් කිසිම රටකට මෙම භායනක රසායනික ද්‍රව්‍ය වලින් ටොන් එකකට වඩා නීත්‍යානුකූලව ලඟ තබා ගැනීමට අවසර නෑ.

පරමාණු බෝම්බImage result for Atom bombsImage result for Atom bombs

මෙතෙක් නිපද වූ දරුණුම අවියක් ලෙස පරමාණු බෝම්බ හැඳින්විය හැකියි. න්‍යෂ්ටික අවි වලට අවශ්‍ය පිපිරුම් ශක්තිය ලබා ගැනීමට න්‍යෂ්ටික විඛණ්ඩනය නම් ක්‍රියාවලිය භාවිතා කරනු ලබනවා. පරමාණු බෝම්බයක් පිපිරීම හුදෙක්ම න්‍යෂ්ටික විඛණ්ඩනය මත සිදු වෙනවා. පරමාණු බෝම්බ නිපදවීමට යොදා ගන්නේ යුරේනියම් හෝ ප්ලුටෝනියම් නම් ඉතා විඛණ්ඩ්‍යශීලි මූල ද්‍රව්‍යය වේ.

ලොව ප්‍රසිද්ධිම පරමාණු බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන්නේ ජපානයයි. ඒ හිරෝෂිමා හා නාගසාකි නගර දෙකට එල්ල වුණු ඇමරිකානු පරමාණු බෝම්බ ප්‍රහාරයයි. මෙම බෝම්බ දෙක මගින් ලක්ෂයකට ආසන්න පිරිසක් මරණයට පත් වන්නට ඇතැයි සැලකෙනවා. එමෙන්ම එය මගින් හිරෝෂිමා හා නාගසකි නගර දෙක සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එම බෝම්බ දෙක නිෂ්පාදනය කෙරුණු ව්‍යාපෘතිය “මෑන්හැටන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය”ලෙස හඳුන්වනු ලබනවා.

හයිඩ්‍රජන් බෝම්බRelated image

උතුරු කොරියාව නිර්මාණය කළා යැයි පවසන හයිඩ්‍රජන් බෝම්බය

Related image

මෙම බෝම්බ “විලයන බෝම්බ” (Fusion Bomb) යනුවෙන්ද හඳුන්වනවා. හයිඩ්‍රජන් සමස්ථානික වන ට්‍රිටියම් හා ඩියුටීරියම් වල සංයෝජන ප්‍රතික්‍රියාවන් මත මෙම බෝම්බ ක්‍රියා කරයි.

හයිඩ්‍රජන් බෝම්බය පරමාණු බෝම්බයටත් වඩා කාර්යක්ෂම බෝම්බයක් ලෙස සැළකෙනවා.එසේම එය නිර්මාණයට හා ක්‍රියාකරවීමට ද පරමාණු බෝම්බයට වඩා වෙහෙසක් දැරීමට සිදුවෙනවා. හයිඩ්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලීම කර ඇත්තේ රටවල් කිහිපයක් පමණයි. ඒ, එක්සත් ජනපදය,රුසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය, හා ඉන්දියාවයි.

නපාම් බෝම්බය

Related image

මෙය නිර්මාණය කර තිබෙන්නේ පෙට්‍රෝලියම් ජෙලි යොදාගෙනයි. මෙම බෝම්බයේ විශේෂත්වය වන්නේ එය ගිනි ගන්නා බෝම්බයක් වීමයි. ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම බෝම්බය වියට්නාමය හා යුද්ධයේදී භාවිතා කර තිබුණා.

නමුත් මෙම බෝම්බය හාවිතයේ තිබුණේ ඊටත් පෙර සිටයි. මෙම බෝම්බ වලට මැග්නීසියම් යොදාගෙන තිබුණේ ජලයත් ඒ සමඟම දහනය වීමටයි. ඉන්පසු එයට ඊයම් ද එකතු කරනු ලැබුවේ විෂ සහිත වීමටයි. මෙවැනි බෝම්බ පිපිරුමක් නිසා අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1200 පමණ දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා.