සමහර වෙලාවට අපි එදිනෙදා භාවිතා කරන සමහර දේවල් මොන හේතුවකට තියෙනවද කියලා හිතා ගන්න බැරි වෙන වෙලාවල් ඔයාටත් තිබිලා ඇති. නැත්නම් ඒ ගැන ඔයා හිතාගෙන ඉන්න විදිය සම්පූර්ණයෙන් වැරදි වෙන්නත් පුලුවන්. ඉතින් අපි අද ඔයාගේ ඒවගේ ගැටළු ටිකක් විසදලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.

1. මකනයේ නිල්පාට කොටස.

ගොඩක් දෙනෙක් හිතන්නෙ මකනයක නිල්පාට කොටස තියෙන්නේ පෑන් ඉරි මකන්න. රෝස පාට කොටස තියෙන්නේ පැන්සල් ඉරි මකන්න කියලයි. නමුත් ඒක සම්පූර්ණ සත්‍ය නෙමෙයි. නිල්පාට කොටස නිර්මානය කිරීමේ මුල්ම අදහස වෙලා තියෙන්නෙ ඝන කඩදාසි වල සලකුනු ඉවත් කිරීමයි.

2. කුඩා සාක්කුව.

ඔයාගේ ඩෙනිම් කලිසමෙත් මේ වගේ පොඩි සාක්කුවක් තියෙන්නේ ඇයි කියලා හිතලා තියෙනවද? ගොඩක් අයගෙනම් අදහස වෙන්නේ ඒ පොඩි සාක්කුව තියෙන්නෙ ප්‍රතිසන්ධිරෝදක රැගෙන යාමට කියලයි. ඒකේ ඇත්තකුත් තියෙන්න පුලුවන්. ඒත් ඒකේ මූලික අරමුණ වෙලා තියෙන්න වෙන දෙයක්.

1873 දී ලෙවීගේ ජින්ස් මගින් මේ කුඩා සාක්කු පිලිබද අදහස මුලින්ම ගෙන එනු ලැබුවේ ඒ තුල “සාක්කු ඔරලෝසු” රදවා තබා ගැනීමේ අරමුනෙනුයි.

3. පෑන් කොපුවේ ඇති සිදුර.

ගොඩක් අය හිතන්නේ පෑන් කොපුවේ කුඩා සිදුරක් තියෙන්නේ තීන්ත වියලෙන එක වලක්වන්න කියලයි. නමුත් ඒකේ තියෙන්නේ වෙනත් අරමුණකුයි.

හදිසියේවත් දරුවෙකුට එය ගිලුනොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තුරු දරුවාට එම සිදුරෙන් හුස්ම ගැනීමට හැකිවන ලෙසයි එය ඒසේ නිර්මාණය කරලා තියෙන්නේ.

4. ගුවන් යානා වීදුරුවේ තියෙන සිදුර.

මේක ගොඩක් පොඩි සිදුරක් නිසා වැඩිය වැදගත් නැහැ කියලා ඔයාට හිතෙන්න පුලුවන්. ඒත් ඒ කුඩා සිදුර මගින් තමයි ඇතුලත හා පිටත පීඩනය ස්ථාවර කරන්නේ.

5. ලැප්ටොප් චාජරයේ තියෙන කුඩා සිලින්ඩරය.

ලැප්ටොප් චාජරයේ තියෙන මේ සිලින්ඩරය කුඩා වන නමුත් වැදගත් කාර්යක් ඉටු කරනවා. ඒ තමයි විද්‍යුත් පරිපථ තුල අධි-සංඛ්යාත ශබ්ද යටපත් කිරීම.

6. කමිසය පිටුපස තිබෙන ලූපය.

මේ ගැන නම් විවිධ මත පලවෙලා තියෙනවා. වැඩියෙන්ම පිලිගන්න මතය වෙලා තියෙන්නෙ මේක කමිසය එල්ලීම සදහා තියෙනවා කියලයි.

7. මෘදු අඩි ඇති සපත්තු වල තියෙන අමතර සිදුරු දෙක.

මේ සිදුරු වල අරමුණ තමයි ක්‍රීඩා වල නිරත වෙනකොට සපත්තු පාද වලට හොදින් සවිකර ගැනීමට හා වලලුකරේ ඇතිල්ලීම වැලැක්වීම.

8. අලුත් ඇදුම් සමග තියෙන අමතර රෙදි කැබැල්ල.

මේක තියෙන්නෙ ඇදුම් වලට පැච් දාන්න නම් නෙමෙයි. ඔයාගේ අලුත් ඇදුමට ඔරොත්තු දෙන විදියේ ඩිටර්ජන්ට් වර්ග හා රසානික ද්‍රව්‍ය ආදිය පරික්ෂා කිරීමටයි.

9. ස්පැගටි හැන්දේ තියෙන සිදුර.

මේ සිදුරේ ප්‍රදාන අරමුණ වෙන්නේ එක් පුද්ගලයකු සදහා අවශ්‍ය වෙන සාමාන්‍ය ස්පැගටි ප්‍රමානය ගණනය කර ගැනීමයි.

මේ අපූරු තොරතුරු ඔයාගේ යාළුවන් අතරත් share කර ගන්න. ඔයාගේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්..